ආසියාවේ පලමු දිවා රාත්‍රී ටෙස්ට් තරග ජය පාකිස්තානට

376
0
Pakistani captain Misbah-ul-Haq (R) and teammate Azhar Ali (L) hold the wickets as they back to pavilion after winning the Test match on the final day of the first day-night Test between Pakistan and the West Indies at the Dubai International Cricket Stadium in the Gulf Emirate on October 17, 2016. Pakistan beat West Indies by 56 runs in the first day-night Test on the fifth and final day in Dubai on October 17, taking a 1-0 lead in the three-match series. / AFP / AAMIR QURESHI (Photo credit should read AAMIR QURESHI/AFP/Getty Images)

ආසියාවේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ලකුණු 56ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත්විය. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0කින් පෙරමුණ ගැනීමට පාකිස්තානයට හැකිවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නුවර පැවැති මේ තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානය ලබා දුන් ලකුණු 346ක ඉලක්කය හඹාගිය කොදෙව් පිලට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 289ක් පමණි.

තරගයේ සිවුවැනි දිනය නිමාවනවිට කඩුලු 2ක් දැවී ලකුණු 95ක් ලබා සිටි කොදෙව් දෙවැනි ඉනිම අවසන් දිනයේ දී විශිෂ්ට ශතකයකින් වර්ණවත් කළ ඩැරන් බ්‍රාවෝ ප්‍රතිවාදීන්ගේ ජයග්‍රහණය අවසන් පැය දක්වා ප්‍රමාද කිරීම කැපී පෙනුණි.

මිනිත්තු 406ක් කඩුල්ල රැකගත් බ්‍රාවෝ පාකිස්තාන දඟපන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදුන් අතර පන්දු 249කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් එල්ල කළේය. ඔහු දැවී ගියේ යසීර් ෂා යැවූ පන්දුවකට ඔහුටම පෙරළා ලබා දුන් උඩපන්දුවෙනි.

වාර්තා රැසකින් සමන්විත වූ මේ තරගය පාකිස්තානය ක්‍රීඩා කළ 400 වැනි ටෙස්ට් තරගය ද විය. පාකිස්තානය පළමු ඉනිම – 579/3 (ඉනිම අත්හිටුවන ලදි) අසාර් අලී නොදැවී 302, සමි අස්ලාම් 90, බාබර් අසාම් 69, අසාඩ් ශෆීක් 67, මිස්බා උල් හක් නොදැවී 29 ( දේවේන්ද්‍ර බිෂූ 125/2) සහ දෙවැනි ඉනිම – 123 (සියලුදෙනා දැවී) සමි අස්ලම් 44, බාබර් අසාම් 21 ( දේවේන්ද්‍ර බිෂූ 49/8)

කොදෙව් පළමු ඉනිම – 357 (සියලුදෙනා දැවී) ඩැරන් බ්‍රාවෝ 87, මාලන් සැමුවෙල්ස් 76, ජෙරමින් බ්ලැක්වුඩ් 37, ක්‍රෙග් බ්‍රැත්වේට් 32, ශේන් ඩවුරිච් 32 ( යසීර් ෂා 121/5) සහ දෙවැනි ඉනිම – 289 (සියලුදෙනා දැවී) ඩැරන් බ්‍රාවෝ 116, ලියොන් ජොන්සන් 47, ජේසන් හෝල්ඩර් නොදැවී 40, රොස්ටන් චේස් 35 ( මොහොමඩ් ආමීර් 63/3)

Comments

comments

SHARE