ක්‍රීඩක බිරින්දෑවරුන්ට ක්‍රිකට් ලොක්කන්ගෙන් වාරණයක්

723
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හිමිව තිබූ වරප්‍රසාද කිහිපයක් අහෝසි කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති බව සදහන්.

විදෙස් තරගාවලියකට ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරු සහභාගී වන අවස්ථවකදී ඔවුන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍රයක් නොමිලේ ලබා දෙන්නට ක්‍රිකට් ආයතනය මීට පෙර පියවරගෙන තිබුනා.

නමුත් එම වරප්‍රසාදය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන්නට ඔවුන් කටයුතු කර ඇතිබව සදහන්.

එසේම සංචාරය අතරතුර තම දරුවන් රැගෙන යෑමට තිබූ අවස්ථාවද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් ක්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයන්ට වසරට එක් වරක් ආසියානු සංචාරයක් සඳහා නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ඉදිරියේදීත් ලබා දෙන බවයි පැවසෙන්නේ.

Comments

comments

SHARE