වාර්ෂික කොන්ත්‍රාත්තුව ගැන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන් දෙනෙක් රහස් සාකච්ඡාවක

999
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වාර්ෂික තරග කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ ක්‍රිකට් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවට එක්වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් උප නායක දිනේෂ් චන්දිමාල් සහ කන්ඩායමේ සිටින ජේෂ්ටතම ක්‍රීඩකයා වන රංගන හේරත්.

මෙවර වාර්ෂික තරග කොන්ත්‍රාත්තුවට අනුව ප්‍රමුඛ ඛාන්ඩයේ සිටින්නේ මෙම ක්‍රීඩකයින් තිදෙනා පමනයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදුන්වා දී ඇති මෙම නව කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක්‍රීඩකයින් බහුතරයක් සිය අප්‍රසාදය පලකර තිබෙනවා.

මේ හේතුව නිසාම ක්‍රීඩකයින් සිය වාර්ෂික කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම දිගින් දිගටම මගහරිමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පවසන්නේ එලැබෙන සිම්බාබ්වේ තරග සංචාරයට පෙර ක්‍රීඩකයින් නව ගිවිසුමට අත්සන් තැබිය යුතු බවයි.

Comments

comments

SHARE