පළමු දිනයේ පාලනය බංග්ලාදේශ පන්දු යවන්නන් අතට ගනී

457
0

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය අද ආරම්භාවුනා.

ඒ චිතගොං හිදී

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

එංගලන්ත නායකයාගේ තීරණයට අභියෝග කල බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් එංගලන්ත මුල් පෙළ සුනු විසුනු කර දැමුවා

ඒ ලකුණු 106ක් තුල එංගලන්ත පිතිකරුවන් 5දෙනෙකුට ක්‍රීඩාගාරයේ අසුන් පනවමින්.

ජෝ රූට් ලකුණු 40යි.

කඩා වැටෙමින් තිබුණු එංගලන්ත ඉනිම ගොඩ ගත්තේ 6වන කඩුල්ලට ලකුණු 88ක සබදතාවක් ගොඩ නැගු මොයින් අලී සහ ජොනී බෙයර්ස්ටෝ

අලී ලකුණු 68ක් ලබා ගත්තා.

බෙයාර්ස්ටෝ ලකුණු 52යි.

අද පළමු දිනයට තරගය නතර කරනවිට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබා ගෙන සිටියා.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන හසන් මිර්සා කඩුලු 5ක් දවා ගත්තා.

ඊට අමතරව සකීබ් අල් හසන් කඩුලු 2ක් බිඳ හෙලුවා.

Comments

comments

SHARE