වෙළද සේවා ක්‍රිකට් අවසන් ගැටුම ලබන ඉරිදා

304
0
file photo

ආයතනය එක්ව සංවිධානය කරන වෙළද සේවා ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මාස් යුනිචෙලා පිල සහ කොමර්ෂල් ක්‍රෙඩිට් පිල අතර ලබන 23 වැනිදා  වෙළද සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මාස් යුනිචෙලා පිල චාමර සිල්වා විසින්ද කොමර්ෂල් ක්‍රෙඩිට් පිල උපුල් තරංග විසින්ද මෙහෙයවනු ලබති.

අර්ධ අවසන් පූර්ව තරගවලදී මාස් ඇක්ටිව් පිල කඩුලු 7 කින් පරාජය කළ මාස් යුනිචෙලා කණ්ඩායමත්, ටෙක්ස්ටර්ඞ් ජර්සී කණ්ඩායම ලකුණු 35 කින් පරාජය කළ කොමර්ෂල් ක්‍රෙඩිට් පිලත් අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ.

අවසන් පූර්ව තරග වලදී ජෝන් කීල්ස් පිලට එරෙහිව ලකුණු 30 ක ජයක් ලබාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් පිලත්, ඩිමෝ පිලට එරෙහිව ලකුණු 195 ක ජයක් ලබාගත් මාස් යුනිචෙලා පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

මාස් යුනිචෙලා පිල 2012 වසරේදී මලීන් සිල්වාගේ නායකත්වයෙන් සහ 2014 වසරේදී චාමර සිල්වාගේ නායකත්වයෙන් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දෙවරක් දිනාගැනීමට සමත් වූහ. කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට මේ දක්වා ශූරතාවය දිනාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

පසුගිය වසරේදී පැවැති තරගාවලියේදී අවසන් තරගය දක්වා පැමිණි කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට එරෙහිව කඩුල්ලක ජයක් ලබාගත් මාස් ඇක්ටිව් පිලට ශුරතාව හිමිවීමෙන් අනුශූරතාවයෙන් සැහීමකට පත්වීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට සිදුවිය.

2014 සහ 2015 වසරයන් හිදී පිට පිට පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරයන්වූ මාස් ඇක්ටිව් පිල අර්ධ අවසන් පූර්ව තරගයේදී මාස් යුනිචෙලා පිල හමුවේ කඩුලු 7 ක පරාජයක් හිමිවීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

මාස් යුනිචෙලා පිල වෙනුවෙන් තරග 2 කදී ශතකයක් සමගින් ලකුණු 171 ක් රැස්කළ මහේල උඩවත්ත සහ තරග 2 කදී ලකුණු 113 රැස්කළ ධනුෂ්ක ගුණතිලක පිතිකරු ලැයිස්තුවේ ඉහලින්ම සිටින අතර ඩිල්රුවන් පෙරේරා සහ ෆර්වීස් මහරූෆ් කඩුලු 4 බැගින් ලබාගනිමින් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති.

කොමර්ෂල් ක්‍රෙඩිට් පිල වෙනුවෙන් තරග 2 කදී ලකුණු 93 ක් රැස්කළ චතුරංග ද සිල්වා සහ තරග 2 කදී ලකුණු 79 ක් රැස්කළ අෂාන් ප්‍රියංජන් පිතිකරු ලැයිස්තුවේ ඉහලින්ම සිටින අතර කඩුලු 7 ක් දවාගත් චතුරංග ද සිල්වා සහ කඩුලු 3 ක් දවාගත් ශෙහාන් ජයසූරිය පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙති.

මාස් යුනිචෙලා කණ්ඩායම
චාමර සිල්වා (නායක), තිලකරත්න ඩිල්ශාන්, ධනුෂ්ක ගුණතිලක, මහේල උඩවත්ත, ෆර්වීස් මහරූෆ්, ඩිල්රුවන් පෙරේරා, මාලිංග බණ්ඩාර, රෂ්මික ඕපාත, තිලක්ෂ සුමණසිරි, ඉෂාර අමරසිංහ, ළහිරු ජයරත්න, ලස්සන පෙරේරා, චතුර පීරීස්, රමිත් රඹුක්වැල්ල සහ සහන් නානායක්කාර.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම
උපුල් තරංග (නායක), චාමර කපුගෙදර, සුරාජ් රන්දීව්, දිල්හාන් කුරේ, අශාන් ප්‍රියංජන්, ෂෙහාන් ජයසූරිය, චතුරංග ද සිල්වා, ඉමේෂ් උදයංග, මාලින්ද පුෂ්පකුමාර, ළහිරු මදුෂංක, වනිදු හසරංග, කාවීන්ද සිල්වා, ශ්‍රීමාල් මෙන්ඩිස් සහ ළහිරු ගමගේ.

Comments

comments

SHARE