ක්‍රීඩක කොන්ත්‍රාත්තුව යලි අර්බුධයක – ක්‍රීඩකයින් පිටුපස අදිසි හස්තයක්

4931
0

නව කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට යාමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර යලි මත ගැටුමක් ඇති වී තිබෙනවා.

ඒ කොන්ත්‍රාත්තුවේ අතුලත් කොන්දේසි දෙකක් සම්බන්ධයෙන්

කෙසේ වුවත් ඊයේ පස්වරුවේ ක්‍රීඩකයින් 17දෙනෙකු ලිපි මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබුනේ නව කොන්ත්‍රාත්තුව අත්සන් තබන්නට තමන් එකග බවයි.

හිටි හැටියේ එම තීරනය වෙනස් කරන්නට ක්‍රීඩකයින්ට බලපෑම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩකයින් රැසකගේ කලමනාකරු ලෙස කටයුතු කරන චාලි ඔස්ටින් නැමැත්තෙකු බව සදහන්.

ඔහු මැතිව්ස් ,චන්දිමාල් ඇතුලු ක්‍රීඩකයින් රැසකගේ කලමනාකරු ලෙස කටයුතු කරනවා.

එමෙන්ම මහේල සහ සංගක්කාරගේ කලමනාකරු ලෙස කටයුතු කරන්නේද මෙම චාලි ඔස්ටින් නැමැත්තායි.

ක්‍රීඩකයින්ට වාර්ෂිකව ගෙවනු ලබන මුදල අඩු කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගැනීමත් සමග මෙම කලමනාකරුගේ කොමිස් මුදලත් අඩුවීම හේතුවෙන් ඔහු ක්‍රීඩකයින්ට බලපෑම් කර ඇත්තේ අදාල නව ගිවිසුමට අත්සන් නොකරන ලෙසයි.

ඒ අනුවයි ක්‍රිකට් ක්‍රීඩකයින් ගිවිසුම අත්සන් කිරීම මග හරිමින් සිටිනේ.

කෙසේ නමුත් උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් srilankasports ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් විමසීමක් කලා.

ඔහු පැවසුවේ ක්‍රීඩකයින් අද දිනයේදී නව කොන්ත්‍රාත්තුවට අත්සන් නොකලහොත් සිම්බාබ්වේ තරග සංචාරය සදහා දෙවන පෙල කන්ඩායමක් නම් කරන බවයි.

ක්‍රීඩකයින් සැමවිටම තමන්ට පෙර රට ගැන සිතිය යුතු බවත් ඔවුන්ට විනයක් තිබීම අනිවාර්ය කරුනක් බවත් සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසුවා

Comments

comments

SHARE