නවසීලන්තය එකට එක කරයි

735
0
Martin Guptill of New Zealand celebrates getting Amit Mishra of India wicket during the 2nd One Day International between India and New Zealand held at the Feroz Shah Kotla stadium on the 20th October 2016. Photo by: Shaun Roy/ BCCI/ SPORTZPICS

ඉන්දියාව සමග පැවති දෙවන එක්දින තරගය ඉතා තියුණු අවසානයකින් පසු ජය ගන්නට නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුනා.

ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග එක බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවනවා.

නව දිල්ලි නුවර පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව නවසීලන්තයට ලබා දුන්නා.

ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමට මත්තෙන් මාර්ටින් ගප්ටිල් පිටියෙන් ඉවත් කරන්නට උමේෂ් යාදව් සමත්වුනා.

නමුත් ආරම්භයේදීම එල්ලවුණු පීඩනයෙන් නවසීලන්තය ගොඩ ගන්නට ටොම් ලේතම් සහ කේන් විලියම්සන් සමත්වුනා.

ඒ දෙවන කඩුල්ලට ලකුණු 120ක සබදතාවක් ගොඩ නගමින්.

ලේතම් ලකුණු 46යි

විලියම්සන් සිය එක්දින දිවියේ 8වන ශතකය වාර්තා කළා

ඔහු දැවී ගියේ ලකුණු 118කට

කෙසේ නමුත් නවසිලන්ත මැදපෙළ පිතිකරුවන්ට සාර්ථක වන්නට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 50තුල කඩුලු 9ක් දැවී ඔවුන්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 242ක් පමණයි.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුමරාහ් සහ අමිත් මිශ්‍රා කඩුලු 3බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 236ක්

මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 39ක් සහ කේඩර් ජදාව් ලකුණු 41ක් ලබා ගත්තා.

සිය කණ්ඩායම ජයග්‍රහණය තෙක් රැගෙන යන්නට ප්‍රබල උත්සහායක නිරතවුණු හර්දික් පාන්ඩ්යා පන්දු 32කදී ලකුණු 36ක් රැස් කළා

පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතරව ට්‍රෙන්ට් බෝල්ට් සහ මාර්ටින් ගප්ටිල් කඩුලු 2ක බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ කේන් විලියම්සන්

Comments

comments

SHARE