සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියෙන් දිනේෂ් චන්දිමාල් ඉවතට

1032
0

සිම්බාබ්වේ සමග තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා නම්කර තිබෙන ශ්‍රී ලංකා සංචිතයෙන් උප නායක දිනේෂ් චන්දිමාල් ඉවත්කර තිබෙනවා.

ඒ ඔහුගේ ඇගිල්ලක සිදුව ඇති අබාධය තවමත් සම්පුර්ණයෙන්ම සුව නොවීම හේතුවෙන්.

කෙසේ නමුත් සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියට නම් කරනලද ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15දෙනෙකු ඇතුලත්.

සුපුරුදු පරිදි ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

විශේෂත්වය වන්නේ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවා තිබීමයි.

ඒ අතරට වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ලහිරු ගමගේ , කසුන් මදුශංක සහ ලහිරු කුමාර ඇතුලත්.

අසේල ගුණරත්න පිතිකරුවෙකු ලෙස සංචිතයේ  ස්ථානයක් වෙන්කරගෙන තිබෙනවා.

ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල සංචිතයට කැදවා ඇත්තේ දිනේෂ් චන්දිමාල් වෙනුවටයි.

ඔහු බොහෝ විට කඩුලු රැකීමේ කාර්යයේ නිරතවනු ඇති.

සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියට නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය මෙසේයි

නායක ඇන්ජෙලෝ මැතිව්ස් , කුසල් ජනිත් , කුසල් මෙන්ඩිස් , කෞෂාල් සිල්වා , දිමුත් කරුණාරත්න , ධනංජය ද සිල්වා , නිරෝෂන් දික්වැල්ල , රංගන හේරත් , ඩිල්රුවන් පෙරේරා , ලක්ෂාන් සඳකැන් , කසුන් මදුසංක , ලහිරු ගමගේ , සුරංග ලක්මාල් සහ අසේල ගුණරත්න.

Comments

comments

SHARE