මැතිව්ස්ට මාසයක් පන්දු යැවීම තහනම්

555
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට මසක කාලයක් පන්දු යැවීම තහනම් කර තිබෙනවා

ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් සම්පුර්ණයෙන්ම සුව නොවීම නිසා.

මැතිව්ස් පරීෂාකල වෛද්‍යවරුන් පවසා ඇත්තේ අවම වශයෙන් ඔහු මසක පමණ කාලයක් පන්දු යැවීමෙන් වැලකී සිටිය යුතු බවයි.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් විමසා සිටියා.

ඔහු පැවසුවේ හෙට පැවැත්වෙන යෝග්‍යතා පරික්ෂණයෙන් පසු මැතිව්ස් සිම්බාබ්වේ සංචාරයට එක් කරනවාද නැද්ද යන වග තීරනය කරන බවයි.

කෙසේ නමුත් සිම්බාබ්වේ සංචාරයේදී මැතිව්ස් නායකයෙකු ලෙස කණ්ඩායමට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා.

Comments

comments

SHARE