ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට

18541
0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට පිරිනමා තිබෙනවා.

ඒ නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම නිසා.

ඒ අනුව රංගන සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

පාදයේ ආබාධයක් හේතුවෙන් අවම වශයෙන් තව සති දෙකක් ක්‍රිකට් පිටියෙන් ඈතව සිටිය යුතු බවට මැතිව්ස්ට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

කෙසේ නමුත් මැතිව්ස් සිම්බාබ්වේ සංචාරයට එක් කර ගන්නවාද යන්න පිලිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවම තීරනය කර නැහැ.

Comments

comments

SHARE