ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස අත්අඩංගුවට

624
0
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස මහතාව ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා වනවා. ඔහු ජර්මනිය බලා යමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. එම ගමනේ ට්‍රාන්සිට්වීම තිබී ඇත්තේ ඩුබායි ගුවන් තොටුපලයි.

උපාලි ධර්මදාස මහතා සහ ඔහුගේ අයියා වන ජයන්ත ධර්මදාස මහතා පියාගේ උරුමයෙන් හිමිවූ ඩුබායිහි පිහිටා ඇති නවලෝක පොලිමසැක් ආයතනයේ හිමිකාරීත්වය වෙනුවෙන් නඩු කියනු ලබනවා. අයියාට විරුද්ධව මල්ලීම මෙම නඩුව ගෙන යන්නේ වසර ගණනාවක සිටයි. එහි හිමිකාරීත්වය ලබාගැනීම සදහා ඔවුන් දෙදෙනාම මේ වන විටත් නීතීඥයින්ට රුපියල් කෝටි 30 කට අධික මුදලක් වැයකර ඇති බවයි පැවසෙන්නේ.

එම නඩුවට අදාලව කූට ලේඛණ සකසා ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස උපාලි ධර්මදාස මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කූට ලේඛණ සම්බන්ධයෙන් ඩුබායි හි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් ඔහුව නිදහස් කර දෙන ලෙස ඉල්ලා ජයන්ත ධර්මදාස මහතාව හමුවිමට උපාලි ධර්මදාස මහතාගේ බිරිද සහ දියණිය ගොස් ඇත්තේ නවලෝක රෝහලටයි. එහිදී මල්ලීව බේරා ගැනීම සදහා ඉදිරිපත්වීමට අයියා කැමැත්ත පළකර තිබෙනවා.

මේ අතර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ සුරේෂ් එදිරිසිංහ මහතාත් ප්‍රකට කෝටිපති ව්‍යාපාරික උපාලි ධර්මදාස මහතාව බේරා ගැනීම සදහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මැදිහත්විම සිදුකරමින් ඇතැයි සදහන්.

උපාලි ධර්මදාස මහතා උපාලි සමූහ ව්‍යාපාරයේ හිමිකරුවකු වනවා.

Comments

comments

SHARE