වෙළද සේවා එක්දින ක්‍රිකට් කිරුල මාස් යුනිචෙලාට

512
0
වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධාන කල පිළිමලුන් පිටු දැකීමේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගන්නට චාමර සිල්වාගේ නායකත්වයෙන් යුත් මාස් යුනිචෙලා කණ්ඩායම වුනා.
ඒ අවසන් තරගයේදී උපුල් තරංගගේ නායකත්වයෙන් යුත් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 22කින් පරාජය කරමින්.
වෙළද සේවා ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 32කට සිමා වුනේ වර්ෂාවෙන් එල්ල වූ බාධාවන් හේතුවෙන්.
කාසියේ වාසිය දිනා ගත් උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව මාස් යුනිචෙලා කණ්ඩායමට ලබා දුන්නා.
එම තීරණයට සාධාරණය ඉටුකළ  කොමර්ෂල් ක්‍රෙඩිට් පන්දුයවන්නන් ලකුණු 59ක් තුල මාස් යුනිචෙලා පිතිකරුවන් පස් දෙනෙකු නරබන්නන් බවට පත් කළා.
කෙසේ නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල චාමර සිල්වා සිය කණ්ඩායම වැටි තිබු අගාධයෙන් ගොඩ ගත්තා.
ඔහු පසුපෙළ පිතිකරුවන් සමග එක්ව සිය කණ්ඩායම ලකුණු 200 සීමාව කරා රැගෙන ගියා.
පන්දු 69කට මුහුණ දෙමින් චාමර අගනා ලකුණු 99ක් රැස් කළා.
ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ඇතුලත් වුනා.
නියමිත පන්දුවාර 32ක තුල කඩුලු 9ක් දැවී  මාස් යුනිචෙලා ක්‍රීඩකයින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 246ක්
චතුර පීරිස් ලකුණු 34ක් සහ රමිත රඹුක්වැල්ල ලකුණු 31ක් රැස් කළා
පන්දු යැවීමේදී කාවින්ද සිල්වා සහ ලහිරු මදුශංක කඩුලු දෙක බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොමර්ෂල් ක්‍රෙඩිට් පිතිකරුවන් පන්දුවාර 22යි එක් පන්දුවක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුනා.
ඒ නිසා යලි තරගය යලි පවත්වන්නට හැකිවුණේ නැහැ.
චාමර කපුගෙදර ලකුණු 50යි.
උපුල් තරංග ලකුණු 46ක් රැස්කළා
පන්දු යැවීමේදී ඉෂාර අමරසිංහ කඩුලු දෙකක් බිඳ හෙලුවා.
අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ චාමර කපුගෙදර
තරගාවලියේ හොඳම පිතිකරු – ධනුෂ්ක ගුණතිලක (MAS යුනිචෙලා)
තරගාවලියේ හොඳම පන්දු යවන්නා  – විකුම් සංජය  (ජෝන් කීල්ස්)
තරගාවලියේ වීරයා  (ලීග් තරගාවලිය) – ධනුෂ්ක ගුණතිලක (MAS යුනිචෙලා)
MAS යුනිචෙලා – 246/9 (32): චාමර සිල්වා – 99,  චතුර පීරිස් – 34,  රමිත රඹුක්වැල්ල – 31, කාවින්ද සිල්වා – 2/32, ලහිරු මධුශංක – 2/57
කොමර්ෂල් ක්‍රෙඩිට් – 159/6 (22.2) : චාමර කපුගෙදර – 50, උපුල් තරංග – 46, අශාන් ප්‍රියන්ජන් – 22, ඉෂාර අමරසිංහ – 2/17

Comments

comments

SHARE