කෝලි ඉන්දියාව ගොඩ ගනී

449
0
India's Virat Kohli plays a shot during the third one-day international cricket match against New Zealand in Mohali, India, Sunday, Oct. 23, 2016. (AP Photo/Tsering Topgyal)
නවසීලන්තය සමග තුන්වන එක්දින තරගය කඩුලු 7කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.
මෙම තරගය පැවැත්වුනේ මොහාලි හිදී. තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව නවසීලන්තයට ලබා දුන්නා.
නවසිලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 49යි පන්දු 4ක් තුල සියල්ලන් දැවී ලකුණු 285ක් රැස්කළා. ටොම් ලේතම් ලකුණු 61ක් සහ ජේම්ස් නිෂම් ලකුණු 57ක් ලබා ගත්තා. රෝස් ටේලර් ලකුණු 44යි.
පන්දු යැවීමේදී උමේෂ් යාදව් සහ කේඩර් ජදාව් කඩුලු 3බැගින් බිඳ හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 2ක් තුල කඩුලු 3ක් දැවී ලකුණු 289ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා. අගනා ඉනිමක් ක්‍රීඩා කල විරාත් කෝලි නොදැවී ලකුණු 154ක් රැස්කළේ පන්දු 134කට පමණක් මුහුණ දෙමින්.
කෝලිගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහරක් ඇතුලත්වුනා.
නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 80ක් ලබා ගත්තා  ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින්.
පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ විරාත් කෝලි. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවනවා.

Comments

comments

SHARE