දෙවැනි ටෙස්ට් තරගයත් පාකිස්තානය දිනයි

408
0

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ යසීර් ෂා බටහිර ඉන්දීය කොදෙව් පිල සමග ඊයේ අබුඩාබි නුවර දී නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 133ක ජයක් පාකිස්තානයට අත්කර දීමට සමත්විය. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 2-0කින් ජයගැනීමට පාකිස්තානය සමත්වූයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීමය.

පාකිස්තානය ලබාදුන් ලකුණු 456ක දැවැන්ත ඉලක්කය හඹා ගිය කොදෙව් පිල ඊයේ පස්වරු තේ පානයට පෙර නිමාවට පත් කළ යසීර් ෂා කඩුලු 6ක් දවාගත්තේය. පළමු ඉනිමේදිත් කඩුලු 4ක් බිඳ දැමූ යසීර් තරගය පුරා දවාගත් කඩුලු සංඛ්‍යාව 10කි. ඔහු ටෙස්ට් තරගය කඩුලු 10ක් බිඳ දැමූ දෙවැනි අවස්ථාව මෙයවේ. මීට පෙර මේ වසරේදීම මුල් භාගයේ දී එංගලන්තයට එරෙහිව ඔහු පළමුවරට ටෙස්ට් කඩුලු 10ක් ලැබුවේය.

කොදෙව් පිලේ මැදපෙළ පිතිකරු ජෙරමින් බ්ලැක්වුඩ් ඊයේ සිය කණ්ඩායම පරාජයෙන් බේරාගැනිමට දැඩි උත්සාහයක නිරතවූ අතර සිය ශතකයට ලකුණු 5ක් අඩුවී තිබියදී දැවී ගියේ යසිර් ෂාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

පාකිස්තානය පළමු ඉනිම – 452 (සියලුදෙනා දැවී) යූනිස් ඛාන් 127, මිස්බා උල් හක් 96, අසාඩ් ශෆීක් 68, සර්ෆ්‍රාස් අහමඩ් 56 (ෂැනොන් ගේබ්‍රියල් 96/5, ජේසන් හෝල්ඩර් 47/3) සහ දෙවැනි ඉනිම – 227/2 (ඉනිම අත්හිටුවන ලදි) අසාර් අලී 79, අසාඩ් ශෆීක් 58, සැමි අස්ලම් 50

කොදෙව් පිල පළමු ඉනිම – 224 (සියලුදෙනා දැවී) ඩැරන් බ්‍රාවෝ 43, මාලන් සැමුවෙල්ස් 30 (යසීර් ෂා 86/4, රහත් අලි 45/3) සහ දෙවැනි ඉනිම – 322 (සියලුදෙනා දැවී) ජෙරමින් බ්ලැක්වුඩ් 95, ක්‍රෙග් බ්‍රැත්වේට් 67, ශායි හෝප් 41 (යසීර් ෂා 124/6)

Comments

comments

SHARE