ජෝන් ටාර්බට් කණිෂ්ට මලල ක්‍රීඩා ශූරතාව බෙනඩික්ට සහ කාන්තාවන්ට

78
0
file photo

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩංගණයේදී ඊයේ නිමාවූ 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ පාසල් මලල ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට ලකුණු 48ක් ලබාගත් කොළඹ කාන්තා විද්‍යාලය සමත් විය. ලකුණු 41ක් ලැබූ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට අනුශූරතාව හිමිවිය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හලාවත සාන්ත මරියා මහ විද්‍යාලයේ හේමාල් මිලින්ද පෙරේරා සම්මාන දිනාගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නදීෂා හෙන්ඩ්‍රසන් සම්මාන ලැබීය.

මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 10ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර තව වාර්තා සම කිරීම් 3ක්ද සිදු විය.

ඊයේ දිනයේදී අර්ධ මැරතන් බාලක ඉසව්වෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ එරන්ද මධුසංක හා අවුරුදු 14න් පහළ බාලක මීටර් 400 ඉසව්වෙන් දුලංජන් පෙරේරා (කොළඹ කේරි විද්‍යාලය) නව තරග වාර්තා බිහි කළහ.

තරගාවලියේ තෙවැනි දිනය දිනයේ දී නව තරග වාර්තා 2ක් බිහි කිරීමට ඩබ්.එච්. එච්. මෙන්ඩිස් අබේසේකර සමත් විය.

ඒ සමගම වී.කේ. කේෂානි මහේෂිකා (අවුරුදු 15 පහල බාලක ) අවු 14න් පහළ යගුලිය විසි කිරීම ශානිෂා ගුණසේකර නව වාර්තා තැබීමට සමත්වූහ.

අවුරුදු 14 න් පහළ මීටර් 200 බාලක තරග ඉසව්වත්, අවුරුදු 14 න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වත් තරග වාර්තා බිහි කරමින් ජයගැනීමට මෙන්ඩිස් අබේසේකර සමත්විය.

Comments

comments

SHARE