ක්ලිෆර්ඩ් බොක්සිං කිරුල ස්ලිම්ලයින්ට

94
0

රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කමක් දිනාගත් ස්ලිම්ලයින් බොක්සිං කණ්ඩායම 89 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං කිරුළ යළි අත්කර ගැනීමට සමත්විය.
කොළඹ රාජකීය විදුහල් ‘රෝයල් මාස් ඇරීනා’ බොක්සිං වළල්ලේ දී පසුගියදා පැවැති මේ තරගාවලියේ ශූරියන් බවට පත්වූයේ රන් පදක්කම් 6ක් දිනාගත් මාස් යුනිචෙලා කණ්ඩායමය.

බර පන්ති 10ක් යටතේ පිරිමි හා කාන්තා තරග එක්වූ මේ තරගාවලියේ රන් පදක්කම් 4ක් අත්කරගත් නාවික හමුදා බොක්සිං කණ්ඩායම පිරිමි අංශයේ දෙවැනි තැනට පත්වූ අතර තුන්වැනි ස්ථානය දිනාගනු ලැබුවේ රන් හා රිදී පදක්කම බැගින් අත්කර ගත් යුද හමුදා බොක්සිං කණ්ඩායම විසිනි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට ආසන්න සංඛ්‍යාවක් තරග වැදුණු ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතාවලියේ රන් පදක්කම් 2ක් දිනූ පොලිස් කණ්ඩායම කාන්තා ඉසව්වේ දෙවැනි තැනට පත්විය.

කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් තරග කළ ස්ලිම්ලයින් පිලේ දිනිඳු සපරමාදු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් තරග කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජේ.ඒ.ඩී.ජයසිංහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

ශ්‍රී ලංකා බොක්සිං වළල්ලේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයකු වු එල්.වී.ඩග්ලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

Comments

comments

SHARE