පලමු එක්දින තරගයෙන් කොදෙව්වන්ට ජය

290
0

කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 165 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 268 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 102 ක් පමණී.

මුළු ලකුණු සංඛ්‍යාව 26 ක් වනවිටදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් හතර දෙනෙකු දැවීගිය අතර පන්දු තුනකට පමණක් මුහුණදුන් නායක මිලින්ද සිරිවර්ධනට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 24 ක් රැස්කළ ශෙහාන් ජයසූරිය වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේය.

පිටදග පන්දුවෙන් දස්කම්පෑ ජෝන් ජගීස්ර් ඕවර 10 ක් යවමින් ලකුණු 29 කට කඩුලු හතරක් දවාගැනීමට සමත්වූ අතර දකුණතින් වේගපන්දු යවන රොන්ස්ෆෝඞ් බීටන් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය.

වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය නතර කරනවිට ඕවර 12.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 69 ක් රැස්කරගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අද දිනයේදී ඕවර 50 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 267 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරු කයිල් හෝප් ලකුණු 81 ක් රැස්කර සිටියදී අමිල අපෝන්සුගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී යනවිට පන්දු 112 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතුළත් විය.

නායක ජේසන් මොහොමඞ් අර්ධ ශතකයක් (58) ක් රැස්කළ අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ රෝව්මන් පවෙල් පන්දු 35 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට සමත් වූයේය.
පස්වැනි කඩුල්ල සදහා පන්දු 57 කදී ලකුණූ 89 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජේසන් මොහොමඞ් සහ රෝව්මන් පවෙල් සමත්වූහ.

අමිල අපෝන්සු සහ බිනුර ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ – ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 267
(කයිල් හෝප් 81, ඇන්ඩි්‍ර ෆලේචර් 26, ජේසන් මොහොමඞ් 58, රෝව්මන් පවෙල් 55, අමිල අපෝන්සු 44/2, බිනුර ප්‍රනාන්දු 45/2)

ශ්‍රී ලංකා ‘ඒ’ – ඕවර 32.3 කදී සියලුදෙනා දැවී 102
(ධනුෂ්ක ගුණතිලක 20, ශෙහාන් ජයසූරිය 24, ජෝන් ජගීස්ර් 29/4, රොන්ස්ෆෝඞ් බීටන් 26/3, ඩෙලන් ජොන්සන් 19/2)

Comments

comments

SHARE