සිව්වන තරගයෙන් නවසීලන්තයට ජය

317
0

ඉන්දියාව සමග සිව්වන එක්දින තරගය ලකුණු 19කින් ජය ගන්නට නවසිලන්ත කණ්ඩායම සමත් වුනා

මෙම තරගය පැවැත්වුනේ රංචි හිදී

සිව්වන තරගය නවසීලන්තය  ජය ගැනීමත් සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සම තත්වයේ පසුවනවා.

සිව්වන තරගයේ කාසියේ වාසිය දිනු නවසීලන්තය පළමුව පන්දුවට පහර දුන්නා

ඔවුන් පන්දුවාර 50තුල කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 260ක්

මාර්ටින් ගප්ටිල් හතරේ පහර 12ක් සමගින් ලකුණු 72ක් රැස්කළා

ටොම් ලේතම් ලකුණු 39යි

කේන් විලියම්සන් ලකුණු 41ක් සහ රෝස් ටේලර් ලකුණු 35ක් වාර්තාකලා

පන්දු යැවීමේදී අමිත් මිශ්‍රා කඩුලු දෙකක් දවා ගත්තා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියාවට පන්දුවාර 48යි පන්දු 4ක් තුල සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 241ක් පමණයි.

අජින්ක්‍ය රහනේ ලකුණු 57ක් සහ විරාත් කෝලි ලකුණු 45ක් ලබා ගත්තා.

අක්ෂාර් පටෙල් ලකුණු 38යි

පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 3ක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ මාර්ටින් ගප්ටිල්

Comments

comments

SHARE