එංගලන්ත – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය ඇරඹේ

143
0
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භාවුනා චිතගොං හිදී. තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවටපාහැර දුන්නා. ඔවුන් සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 220ක්.

තමීම් ඉක්බාල් සිය 8වන ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 104ක් ලබා ගත්තා.
මොමිනුල් හක් ලකුණු 66යි.
ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 170ක් එක කළා.
නමුත් එම වාසිය දිගටම රදවා ගන්නට බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවන්ට හැකිවුණේ නැහැ. සෙසු කඩුලු 8 ලකුණු 49ක් තුල දවා ගන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුනේ තරගයේ පාලනය සියතට ගනිමින්.

බංග්ලාදේශ පළමු ඉනිම වැනසූ මොයින් අලී ලකුණු 57කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් සහ බෙන් ස්ටොක්ස් කඩුලු 2ක් බිඳ හෙලුවා.

අද වර්ෂාව නිසා තරගය නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 50ක්. හසන් මිර්සා කඩුලු දෙකක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 170ක් පසුපසින් සිටිනවා.

Comments

comments

SHARE