කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් තරගයට

154
0

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ඩිමෝ කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම  සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ජයග්‍රහණය සදහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඕවර 19.4 කදී කඩුලු 6 ක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත්විය.
අශාන් ප්‍රියංජන් නොදැවී ලකුණු 65 ක්, චාමර කපුගෙදර ලකුණු 40 ක් සහ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 32 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා ඩිමෝ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස්කිරීමට සමත්වූහ.
හෂාන් දුමිඳු ලකුණු 82 ක් රැස්කරමින් ඩිමෝ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යෑමට සමත්විය.
මාලින්ද පුෂ්පකුමාර, අශාන් ප්‍රියංජන් සහ ළහිරු මදුසංක කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත්වූහ.

ඩිමෝ – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 172. (හෂාන් දුමිඳු 82, නිපුන් කරුණානායක 33, මාලින්ද පුෂ්පකුමාර 16/2, අශාන් ප්‍රියංජන් 21/2, ළහිරු මදුසංක 29/2)

 

කොමර්ෂල් ක්‍රෙඩිට් – ඕවර 19.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 175
(අශාන් ප්‍රියංජන් නොදැවී 65, චාමර කපුගෙදර 40, මාලින්ද පුෂ්පකුමාර 32, රමේෂ් මෙන්ඩිස් 34/2)

Comments

comments

SHARE