මාස් යුනිචෙලා අවසන් තරගයට

249
0

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ පළමු අවසන් පූර්ව තරගයේදී සම්පත් බැංකු පිලට එරෙහිව ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට මාස් යුනිචෙලා කණ්ඩායම සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජයග්‍රහණය සදහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය සම්පත් බැංකු කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණී.
රුමේෂ් බුද්ධික ලකුණු 41 ක් දිනුක් වික්‍රමණායක ලකුණු 37 ක් සහ හසන්ත ප්‍රනාන්දු ලකුණු 28 ක් රැස්කළද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
පන්දුවෙන් දස්කම් දැක්වූ චතුර පීරීස් ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේය.
කාසියේ වාසිය දිනාගත් සම්පත් බැංකු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා මාස් යුනිචෙලා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් ලකුණු 194 ක් රැස් කිරීමට සමත් වූවෝය.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් නායකත්වයේ වගකීම මැනවින් ඉටුකළ චාමර සිල්වා අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 36 ක් මහේල උඩවත්ත ලකුණු 26 ක් සහ තිලක්ෂ සුමණසිරි ලකුණු 21 ක් රැස්කිරීමට සමත්වූහ.
සචිත්‍ර පෙරේරා ලකුණු 17 කට කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මාස් යුනිචෙලා – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 194
(චාමර සිල්වා නොදැවී 59, තිලකරත්න ඩිල්ෂාන් 36, මහේල උඩවත්ත 26, තිලක්ෂ සුමණසිරි 21, සචිත්‍ර පෙරේරා 17/3, හසන්ත ප්‍රනාන්දු 24/2)

සම්පත් බැංකුව – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 175
(රුමේෂ් බුද්ධික 41, දිනුක් වික්‍රමණායක 37, හසන්ත ප්‍රනාන්දු 28, චතුර පීරීස් 13/3, දුනිල් අබේධීර 28/2, ළහිරු ජයරත්න 34/2)

Comments

comments

SHARE