සිම්බාබ්වේ සමග පළමු ටෙස්ට් තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

316
0
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භාවුනා හරාරේහිදී.
මෙම තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහබාගිවන 100 වන ටෙස්ට් තරගයයි.
අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර සහ අසේල ගුණරත්න ටෙස්ට් වරම් හිමිකර ගත්තා.
වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර තවමත් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග දෙකකට පමණයි.
ඔහු වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙක්.
අසේල ගුණරත්න පළමුපෙළ තරග 67කට ක්‍රීඩා කර ඇති අත්දැකීම් සපිරි පිතිකරුවෙක්.
එමෙන්ම ඔහු වේග පන්දු යවන්නෙකුද වනවා.
සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් ජනිත්.
පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න,කෞෂාල් සිල්වා,කුසල් ජනිත්,කුසල් මෙන්ඩිස්,උපුල් තරංග,ධනංජය ද සිල්වා,අසේල ගුණරත්න,දිල්රුවන් පෙරේරා,රංගන හේරත්,සුරංග ලක්මාල්,ලහිරු කුමාර

Comments

comments

SHARE