බංග්ලාදේශ – එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය දෙපිලටම වාසි ගෙනදෙයි

271
0
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට තරගය තීරණයක් ඇතිව විසදෙන ලකුණු පෙන්නුම් කළා.
දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන  බංග්ලාදේශය එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 128ක් ඉදිරියෙන් සිටියා
ඒ තවත් කඩුලු 7ක් අතැතිවයි.
අද එංගලන්ත පළමු ඉනිම ලකුණු 244කට සිමා කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වුනා.
ජෝ රූට් ලකුණු 56යි.
ක්‍රිස් වෝක්ස් ලකුණු 46ක් සහ අඩිල් රෂිඩ් ලකුණු 44ක් රැස්කළා
ඔවුන් දෙදෙනා 9වන කඩුල්ලට ලකුණු 99ක් එක් කළා.
එසේ නොවන්නට මෙම තරගයේ වැඩි වාසි බංග්ලාදේශ කණ්ඩායමට හිමිවන්නට තිබුනා.
පන්දු යැවීමේදී හසන් මිර්සා කඩුලු 6ක් බිඳ හෙලුවා.
ඊට අමතරව තයිජුල් ඉස්ලාම් කඩුලු 3ක් දවා ගත්තා.
බංග්ලාදේශය සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 220ක්.
ඔවුන් සිය දෙවන ඉනිම ආරම්භ කලේ ලකුණු 24ක් පසුපසින් සිටිමින්.
දිනය නිමාවනවිට බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී ලකුණු 152ක් ලබාගෙන සිටියේ සිය දෙවන ඉනිම සදහායි.
ඉම්රුල් කේයස් නොදැවී ලකුණු 59යි.
මහම්දුල්ලාහ් ලකුණු 47ක් සහ තමීම් ඉක්බාල් ලකුණු 40ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී සෆාර් අන්සාරි කඩුලු 2ක් බිඳ හෙලුවා.

Comments

comments

SHARE