පළමු දිනයේ සියලු ගෞරව ශ්‍රී ලංකා පිතිකරුවන්ට

320
0

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භාවුනා හරාරේහිදී.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නව නායක රංගන හේරත් දෙවරක් නොසිතාම පන්දුවට පහරදෙන්නට තීරණය කලේ සිය පිතිකරුවන් පිළිබඳව විශ්වාසය තබමින්.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භකළ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා කලකට පසු සාර්ථක ආරම්හයක් ලබා ගත්තා.

ඒ පළමු කඩුල්ලට ලකුණු 123ක සබදතාවක් ගොඩනගමින්.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කළා.

කෞෂාල් අද ලබාගත්තේ සිය 12 වන ටෙස්ට් අර්ධ ශතකයයි.

දිමුත් සිය නවවන අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසු ලකුණු 56කට දැවී ගියා.

අනතුරුව කෞෂාල් සමගින් පිටියේ එක්වුණේ කුසල් ජනිත්.

ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ලට ලකුණු 75ක් එක කළා.

හොදින් පන්දුවට පහරදෙමින් සිටි කෞෂාල් සිය ශතකයට ලකුණු 6ක් මෙපිටින් දැවී ගියා.

ඔහුගේ දැවී යාමෙන් පසු කුසල් ජනිත් සමගින් පිටියේ එක්වුණේ කුසල් මෙන්ඩිස්

ඔවුන් දෙදෙනා 3වන කඩුල්ලට වේගවත් ලකුණු 85ක් එක කළා.

සිය 8වන ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් ශතකයේ සුවද විඳ ගන්නට කුසල් ජනිත්ට අද හැකියාව ලැබුනා.

පන්දු 104 කදී වාර්තා වුනු කුසල්ගේ ශතකය වාර්තා පොත් අතරට එක්වුණේ ශ්‍රී ලංකාවේ දෙවන වේගවත්ම ටෙස්ට් ශතකය ලෙසයි.

දඟ පන්දු යවන්නන්ටත් හරාරේ තණ තීරුවේ යමක් කල හැකි බව පෙන්වූ ග්‍රැහැම් ක්‍රිමර් සිය 3වන කඩුල්ල ලෙසින් කුසල් ජනිත් ක්‍රීඩා පිටියෙන් ඉවත් කළා.

පළමු දිනයට තරගය නතර කරනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සදහා කඩුලු 4ක් දැවී ලකුණු 317ක් ලබාගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙන උපුල් තරංග ලකුණු 13යි.

ධනංජය ද සිල්වා ලකුණු 10යි.

Comments

comments

SHARE