ජීවන් මෙන්ඩිස් ඩාර්බිෂයර් පිලට

819
0

එංලන්තයේ මීළඟ ගිම්හානයේදී ඩාර්බිෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ජීවන් මෙන්ඩිස් කැඳවා තිබේ. ඩර්බිෂයර් පිල වෙනුවෙන් මෙන්ඩිස් ක්‍රීඩා කරන්නේ ගිම්හානයේ පළමු අර්ධයේදී පමණි. එහි දෙවැනි අර්ධය සඳහා දකුණු අප්‍රිකානු පිලේ ඉම්රාන් තහීර් ක්‍රීඩා කරනු ඇත.ඩර්බිෂයර් පිල සමග තහීර් එක්වීමට පෙර සියලුම ආකාරයේ තරග සඳහා ජීවන් මෙන්ඩිස් ඩාර්බිෂයර් පිල වෙනුවෙන් ක්‍රීඩා කරයි. ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගමාලාවට පසුව ඩර්බිෂයර් පිල සමග ඉම්රාන් තහීර් එක්වනු ඇත.එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ පළමු පෙළ තරග වලට මෙන්ම අප්‍රේල් මාසයේ සිට පැවැත්වෙන ‘රෝයල් ලන්ඩන් කුසලාන’ එක්දින තරගාවලියටද ජීවන් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතය.දකුණතින් පා දඟ පන්ද යවන ජීවන් මෙන්ඩිස් පළමු පෙළ කඩුලු 225 ක හිමිකරුවකු වන අතර ඔහුගේ පළමු පෙළ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 26.00 කි. අන්තර්ජාතික නොවන එක්දින තරග වලදී කඩුලු 170 ක් දවාගෙන ඇති ජීවන් ඒවායේදී පිත්තෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 4500 ඉක්මවයි. වමත් පිතිකරුවකු වන ඔහුගේ පළමු පෙළ ලකුණු සංඛ්‍යාව 6397 කි.“ජීවන් කියන්නේ අන්තර්ජාතික මට්ටමේදී ඉතාමත් පළපුරුදු දඟ පන්දු යවන්නෙක්. ඔහුගේ සේවය ලැබීමෙන් අපේ සංචිතය ශක්තිමත් වෙනවාට සැකයක් නෑ” යයි ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ අධ්‍යක්‍ෂ කිම් බානට් මහතා පැවසීය.“ලබන ගිම්හානයේදී ඩාර්බිෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ලැබීම ගැන මට අදහාගන්නත් බෑ. මා ඒ අවස්ථාව ලැබෙන තුරු ඇඟි්ළි ගනිමින් සිටිනවා. ඩාර්බිෂයර් ප්‍රාන්ත පිල වෙනුවෙන් හැකි උපරිම ආකාරයෙන් ක්‍රීඩා කරන්න මා බලාපොරොත්තු වෙනවා” යයි ජීවන් මෙන්ඩිස් පැවසීය.

Comments

comments

SHARE