වෙළඳ සේවා T 20 ක්‍රිකට් කිරුල කොමර්ෂල් ක්‍රෙඩිට්ට

527
0
චතුරංග ද සිල්වාගේ තුන් ඉරියව් දස්කම් නිසා මෙවර වෙලදසේවා T 20 ක්‍රිකට් කිරුල දිනා ගන්නට කොමර්ෂල් ක්‍රෙඩිට්  වුනා.
ඒ  තරගයේදී ප්‍රබල මාස් යුනිචෙලා කණ්ඩායම කඩුලූ කින් පරාජය කරමින්.
වෙළද සේවා ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් නායක චාමර කපුගෙදර ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කළා
.
පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ මාස් යුනිචෙලා ක්‍රීඩකයින්ට  ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 112ක් පමණයි.
රමිත් රඹුක්වැල්ල ලකුණු 28ක් සහ රශ්මික ඕපාත ලකුණු 19ක් රැස්කළා
පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා කඩුලු 3ක් බිඳ හෙළුවේ ලකුණු 22ක්  ලබා දෙමින්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයින් පන්දුවාර 17යි පන්දු 4ක් තුල කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 115ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.
අශාන් ප්‍රියන්ජන් ලකුණු 26කින් සහ චතුරංග ද සිල්වා ලකුණු 22කින් සිය කණ්ඩායම
පන්දු යැවීමේදී රමිත් රඹුක්වැල්ල කඩුලු 3ක් බිඳ හෙලුවා.
අවසන් තරගයේ වීරයා  දිනා ගත්තේ චතුරංග ද සිල්වා

Comments

comments

SHARE