තේරීම් කමිටුවේ කැපිල්ලට තරංග පිත්තෙන් පිළිතුරු දෙයි

1787
0
during the Sri Lanka nets session at the Wankhede Stadium on March 31, 2011 in Mumbai, India.

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයට තරගය ආරම්භකරනවිට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 317ක් ලබාගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ උපුල් තරංග සහ ධනංජය ද සිල්වායි.

ඔවුන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාවට අද තවත් ලකුණු 34ක් එක්  කළා.

ධනංජය ලකුණු 25කට දැවී ගියේ ග්‍රැහැම් ක්‍රිමර්ට සිය සිව්වන කඩුල්ල හිමිකර දෙමින්.

ධනංජයගේ දැවී යාමෙන් අනතුරුව තරංග සමගින් පිටියේ එක්වුණේ අසේල ගුණරත්න.

සිය මංගල ටෙස්ට් ඉනිම අමතක නොවන ඉනිමක් බවට පත්කරගත් අසේල අර්ධ ශතකයක් වාර්තා කළා.

ඔහු තරංග සමගින් එක්ව 6 වන කඩුල්ලට ලකුණු 99ක සබදතාවක් ගොඩනැගුවා.

අසේල දැවි යනවිට ලකුණු 54ක් ලබාගෙන සිටියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි ඩිල්රුවන් පෙරේරා ලකුණු 23ක් රැස්කළා

ඒ තරංග සමගින් 7වන කඩුල්ලට ලකුණු 48ක් සබදතාවක් ගොඩනගමින්.

ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කලේ උපුල් තරංගයි.

සෙමෙන් වුවත් වටිනා ඉනිමක් ක්‍රීඩා කල ඔහු සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළා.

නායක රංගන හේරත් සහ සුරංග ලක්මාල් ලකුණු 7 බැගින් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 537ක්

ඒ වනවිටත් උපුල් තරංග නොදැවී සිය කඩුල්ල ආරක්ෂා කරගෙන සිටියා.

මිනිත්තු 320ක් පුරා කඩුල්ලේ රැදී සිටි තරංග ඒ අතරවාරයේ පන්දු 208කට මුහුණ දුන්නා.

ඉන් පන්දු 10ක් හතරේ සීමාව කරා යවන්නට මේ වමත් පිතිකරුවා පියවර ගත්තා.

තරංග නොදැවී ලකුණු 110ක් ලබා ගත්තේ දිගින් දිගටම මෙරට තේරීම් කමිටුව විසින් ඔහු නොසලකා හැර තිබීමට පිත්තෙන් පිළිතුරු ලබා දෙමින්.

පන්දු යැවීමේදී ග්‍රැහැම් ක්‍රිමර් කඩුලු 4ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීම ඇරඹු සිම්බ්බවේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 21දී දවා ගන්නට රංගන හේරත් සමත්වුනා.

නායකත්වයට පත්වීමෙන් පසු යැවූ පළමු පන්දු වාරයේදීම  ලකුණු 5ක් ලබා සිටි බ්‍රියන් චාරි පිටියෙන් ඉවත්කරන්නට රංගනට හැකිවුනා.

නමුත් අනතුරුව ටිනෝ මවායෝ සමගින් පිටියේ එක්වුණු හැමිල්ටන් මසකඩ්සා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොදින් පහර දුන්නා.

දිනය නිමාවනවිට ඔවුන් දෙදෙනා සිය කඩුලු ආරක්ෂා කරගෙන සිටියේ සිය කණ්ඩායමට බලාපොරොත්තුවක් එක් කරමින්.

මවයෝ ලකුණු 41යි.

මසකඩ්සා ලකුණු 33යි.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවන දිනයට තරගය නතරකරනවිට සිය පළමු ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 88ක් ලබාගෙන සිටියා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 449ක් පසුපසින් සිටිනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Comments

comments

SHARE