ආසියානු චෙස් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

79
0

ආසියානු චෙස් සම්මේලනය මෙහෙයවන ආසියානු කුසලාන චෙස් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 5 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 14න් පහළ පිල අද චීනය බලා පිටත්ව යයි.

චීනයේ ෂැංහයි නුවර ලබන 5දා සිට 12දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුලියාපිටිය මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහ‍ලේ  සසිත් නිපුණ පියමන්ත, මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාස‍ලේ කුලීස සාරානාත් නානායක්කාර, කොළඹ ආනන්ද විදුහ‍ලේ රන්නිඳු දිල්ශාන් ලියනගේ සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ ලසල් ජයවර්ධන ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කොළඹ ඩී.එස්. සේනානායක විදුහ‍ලේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක මහතා සහභාගි වෙති.
‍පොදුරාජ්‍ය මණ්ඩල චෙස් සම්මේලනයේ ‍ලේකම් ලක්ෂ්මන් විජේසූරිය මහතා සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඡායාරූපයෙන් දිස්වේ

Comments

comments

SHARE