නාවිකයින්ට ජයග්‍රාහී ආරම්භයක්

90
0

අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගයෙන්  පොලිස් කණ්ඩායම පරදා  ලකුණු 29-08 ක් ලෙසින් ජය ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

කොළඹ පොලිස් මූලස්ථාන පිටියේදී පැවති තරගයේ ආරම්භයේ පටන් පොලිස් කණ්ඩායමට  දැඩි පීඩනයක් එල්ල කිරීමට  නාවික හමුදාව සමත් වූ අතර ඒ අනුව පළමු අර්ධය අවසන් වූයේ ලකුණු  14-08 ක් ලෙස  නාවික හමුදාව ඉදිරියෙන් සිටිමිනි.

සිය ක්‍රීඩා රටාව දෙවැනි අර්ධයේදී වඩාත් තීව්‍ර කළ නාවික හමුදාවෝ තවත්  ලකුණු  15 ක් එම අර්ධයේදි  සිය ලකුණු පුවරැවට එක් කලේ පොලිස් කණ්ඩායමට කිසිදු ලකුණක් රුස්කිරීමට ඉඩක් ලබා නොදෙමිනි.

නාවික හමුදාව වෙනුවෙන් දුලංජන විජේසිංහ (1),  සත්‍ය රණතුංග (1), චානක චන්දිමාල් (1),  ලී කීගල් (1)  බැගින් උත්සාහක දිනුම් වාර්ථා කළ අතර  තිළිණ විජේසිංහ  ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් හා දඩුවම් පහරක්  සාර්ථක කර ගත්තේය.

Comments

comments

SHARE