ඩී.ආර්.එස්‌. අනිවාර්ය කරන්න යයි

845
0

ක්‍රිකට්‌ තරග විනිසුරුකරණයේදී පිටියේ විනිසුරුවන්ගේ තීරණය අභියෝගයට ලක්‌ කිරීමේ ක්‍රමවේදය වන ඩී. ආර්. එස්‌. ක්‍රමය අනිවාර්යය කිරීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට්‌ බලධාරීහු මේ දිනවල අවධානය යොමු කර තිබේ.

පිටියේ විනිසුරුවන්ගේ පියවි ඇසින් ලබාදෙනු ලබන තීරණ පිළිබඳව 100% ක නිවරද්‍යභාවය සනාථ කර ගැනීම සඳහා මෙම ක්‍රමවේදය මීට වසර කීපයක පෙරදී ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් හඳුන්වා දුන්නද, මේ වන විට එය භාවිතයට ගැනෙන්නේ එක්‌ එක්‌ රටවල ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලවල රුචිකත්වය මත පදනම්වය.

අදාළ ක්‍රමය අනිවාර්ය කිරීම සඳහා වන අවම තාක්‌ෂණික අවශ්‍යතාවන් ද ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් සිදුකෙරෙන අතර ඒ පිළිබඳ වූ සාකච්ඡාව ලබන වසරේ පෙබරවාරි මසදී රැස්‌වීමට නියමිතව තිබේ. එහි ප්‍රධානියා ලෙස හිටපු ඉන්දීය පා දඟ පන්දු යවන අනිල් කුම්බ්ලේ කටයුතු කරනු ඇත.

Comments

comments

SHARE