ශ්‍රී ලංකා රග්බි රග්බි පාපන්දු සංගමය සිය නිල නාමය වෙනස් කරයි

90
0
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙතැන් සිට “ශ්‍රී ලංකා රග්බි” යන නාමය භාවිතා කරනු ලබන බවට සභාපති අසංග සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කලේ ය.
ලොව පුරා ඇති ප්‍රධාන පෙලේ රග්බි සංගම් විසින් සිදු කරන ලද වෙනස්කම් වලට සමගාමීව මෙම වෙනස්කම් සිදු කර ඇත.
විශේෂයෙන් අන්තර් ජාතික රග්බි මණ්ඩලය (International Rugby Board – IRB) සිය නාමය “ජගත් රග්බි (World Rugby)  ලෙස හඳුන්වනු ලබනු ඇති අතර ආසියානු රග්බි පාපන්දු සංගමය(Asian Rugby Football Union) ද සිය නාමය “ආසියානු රග්බි (Asia Rugby)” ලෙස වෙනස් කර ඇති බව සඳහන්ය.
මීට අමතරව එංගලන්තය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ද මෙම පියවර අනුගමනය කරමින් සිය නිල නාමය තුල ඇති “පාපන්දු සංගමය” යන කොටස ඉවත් කර ඇති බවට සඳහන් ය.

Comments

comments

SHARE