මැතිව්ස් , චන්දිමාල් සිම්බාබ්වේ තුන් කොන් එක්දින තරගාවලියෙන් ඉවතට – නායකත්වය තරංගට

14402
0

සිම්බාබ්වේ කණ්ඩායම , ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා  කණ්ඩායමෙන් ඇන්ජෙලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබෙනවා.

ඒ ඔවුන් දෙදෙනාගේ ආබාධ තත්වයන් තවමත් සම්පුර්ණයෙන්ම සුව නොවීම නිසායි.

මේ හේතුව නිසා අදාල තුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ උපුල් තරංගටයි.

කුසල් ජනිත් පෙරේරා උප නායකයා ලෙස කටයුතු කරනවා.

Comments

comments

SHARE