සෙල්ලම් ඇමතිගේ සෙල්ලමේ බකට්

145
0

සෙල්ලම් ඇමැති අලුත් ව්‍යවස්‌ථාවක්‌ හදලලු. කල් පැනපු යල් පැනපු ස්‌පෝට්‌ස්‌ පනත් සේරම දැන් විසි කොරල දමල අලුතින් පටන් ගමු කියල සෙල්ලම් ඇමැති කොරල තියෙන්නෙ අපූරු වැඩක්‌. මොකද එයා ඉතින් හැමදාම පීක්‌ එකේ ඉන්න කැමැතියි නොවැ.

කවුරු රජ වුණත් ඉතිං සෙල්ලං ඇමැති ඒ පැත්තේ. මොකක්‌ වුණත් ඉතිං මේ වගේ හොඳ වැඩ කොරනව නම් කොයි පැත්තෙ හිටියත් මොකද කියල තමා කට්‌ටිය කියන්නෙ. ඇරත් මෙයත් කවද හරි රටේ රජ වෙන්ඩ හිතන් ඉන්නව කියල ඔය මීඩියා මල්ලිලාට කියල තියෙන නිසා කැපිලා පෙනෙන වැඩක්‌ තමා කොළේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කොරලා.

කොහොමින් කොහොම හරි සෙල්ලම් ඇමැතියගේ ඇඟට පෙරළිල තිබුණ කුණු බාල්දිය උස්‌සල ඔලිම්පි හේමාගේ ඇඟට හලපු එකනම් කැතැයි වගේ. මොකද පහුගිය දවසක ඔලිම්පි හේමාට එන්න කියල මීඩියා මෑන්ස්‌ලා ඉස්‌සරහ ඔලිම්පි හේමා ඇඹරුණා. මොකද උන්දැ සපෝට්‌ කරපු එකෙක්‌වත් එතන හිටිය එකක්‌ යෑ. ඒකෙනුත් සෙල්ලම් ඇමැතිය මඩ ටික පිහිදා ගත්තා.

කාලෙකට පස්‌සෙ සෙල්ලමේ හොට්‌ නිවුසි සොයන ගමන් තෙවැනි විනිසුරුට ආටා මල්ලිව මුලිච්චි වුණා. “හැබෑටම ආටා මල්ලි ඔයා මොකද පහුගිය දවස්‌වල වැඩිය පේන්න හිටියෙ නැත්තෙ. ටි්‍රප් එකක්‌වත් ගියාඳ”

“අනේ නෑ සෑර්. අර කොමිටලේ හිටිය කිරිල්ලි නංගි මගෙන් සපෝට්‌ එකක්‌ ඉල්ලුවා. එයාට වැලේ වැල් නැතුව ඉන්නෙ. මොකද හැමෝටම සපෝට්‌ කොරල අන්තිමට කන්ටැක්‌ නැතිව ගෙදර යෑව්වා.” “ආටා මල්ලි කපු කමක්‌වත් කොරන්ඩ සැට්‌ වුණාද?.’

“අයියෝ නෑ සෑර්. එයාගේ දුක්‌ ගැනවිල්ල කිව්වා. ඒක අහපුවාම කොමිටලේ ඉන්න සමහර ලොක්‌කන් ගැනත් පුදුම හිතෙනවා. ඒ කාලෙ මෙයා හැමෝම ෂුවර් කියල කියන කරන දේවල්වලට සපෝට්‌ස්‌ දීලා. පස්‌සෙ ඉතිං පුටු මාරුත් එක්‌ක මේ කිරිල්ලිට එක කූඩුවක්‌වත් නැති වුණා. ඒ හින්ද එයාට පොඩි ජොබ්ස්‌ එකක්‌ හොයන්න සපෝට්‌ එකක්‌ දුන්නා. මොකද ඒ දවස්‌වල මාත් ඉතිං කීයක්‌ හරි කිරිල්ලි නංගිට පින් සිද්ධ වෙන්ඩ සොයා ගත්තනෙ.”

“කමක්‌ නෑ ආටා මල්ලි, දැන් මේ සෙල්ලමේ ලොස්‌ට්‌ එකයි වින් එකයි බලනවට වැඩිය තව තිරේ පිටි පස්‌සෙ මාරු ප්‍රොබ්ලම්ස්‌ නොවෑ තියෙන්නෙ. මට ආරංචි වුණා. කකුල් බෝල් ගහන එවුන් මැලේසියා ටුවර් ගියා කියලා. එහෙ ගිය සමහර අයියලා රංජි ලොක්‌කගෙ ගොට්‌ටන්ලු. ඒ හින්දා ඔක්‌කොම මනී සහ ඇකමටේෂන් කකුල් බෝල් එකෙන්ලු.”

“අනේ කමක්‌ නෑ සෑර්. මේ අය හැමෝ ටුවර් යන්නෙ වින්ග් කොරන්ඩ යෑ. මොකක්‌ වුණත් ක්‍රිකට්‌ කොල්ලො තමයි වින්ග් එකක්‌ හරි ගහන්නෙ. අනිත් උන් පටි තද කරගන්ඩ එවුන් නොවෑ. අනේ මල්ලි අපිට සෙල්ලමේ ගොසිප් ගොඩක්‌ තියෙනවා. නමුත් දැන් ටයිම් නෑ. මාව ෙඩ්‍රාප් කොරල යන්නකෝ.” තෙවැනි විනිසුරු යන්ඩ ගියා පේපර් කටින් මිටියකුත් අරගෙන.

Comments

comments

SHARE