මහනුවරට දැවැන්ත ජයක්

161
0

මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය පළමු තරගයට එක්වුණු මහනුවර ක්‍රීඩා සමාජය දැවැන්ත ජයක් ලැබුවා.

ඒ සී එච්.ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම පහසුවෙන් පරාජය කරමින්. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ පැවති එම තරගයේදී සී.එච්.ක්‍රීඩකයින්ට එකදු ලකුණක් හෝ ලබා ගන්නට මහනුවර ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ අතරවාරයේදී ඔවුන් ලකුණු 96ක් ලබා ගත්තා.

උත්සාහක දිනුම් 14ක් වාර්තා කල මහනුවර ක්‍රීඩකයින් ඉන් 13ක් ප්‍රවර්ථනයන් බවට පත් කර ගත්තා. පසුගිය වසරේ අන්තර් සමාජ ලීග් රග්බි ශුරතාව දිනා ගත්තේද මහනුවර කණ්ඩායමයි.

Comments

comments

SHARE