හැව්ලොක් කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක්

96
0

මෙවර රග්බි තරග වාරය ජයග්‍රාහිව ආරම්භ කරන්නට හැව්ලොක් කණ්ඩායම සමත් වුනා. ඒ මෙවර ලිග් රග්බි තරග වාරයේ සිය පළමු තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින්.

රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේ පැවති මෙම තරගය ආරම්බයේ සිටම හැව්ලොක් ක්‍රීඩකයින්ගේ වාසියට නතුවුනා පළමු අර්ධය නිමාවන විට ඔවුන් ලකුණු 17 – 05ක් ලෙස පෙරමුණේ පසු වුනා.

දෙවන අර්ධයේදී සිය ප්‍රතිවාදීන්ට එකදු ලකුණක් හෝ ලබා ගන්නට හැව්ලොක් ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ. එම අර්ධයේදී ඔවුන් තවත් ලකුණු 12ක් රැස් කළා.

තරග නියමිත කාලය අවසන් වෙද්දී හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 29 – 05ක් ලෙස පෙරමුණේ පසුවුණා. පසුගිය වසරේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අනු ශුරතාව දිනා ගත්තේ හැව්ලොක් ණ්ඩායමයි.

Comments

comments

SHARE