සී.ආර්. ට තියුණු ජයක්

80
0

ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායමේ අනපේක්ෂිත ප්‍රහාරයකට මැදිවූ සී.ආර්. කණ්ඩායම කොළඹ තුරඟ තරග පිටියේ පැවැති අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර් තරගාවලියේ පළමු සතියේ අවසන් තරගයෙන් ලකුණු 25-24ක තියුණු ජයක් වාර්තා කළේය. සී.ආර්. පිල තරගය පුරා ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් ලබාගත් අතර යුද හමුදා කණ්ඩායම ගෝල් 3ක් සහ දඬුවම් පහරක් එල්ල කළේය.

තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 7-3කින් පෙරමුණ ගැනීමට සී.ආර්.පිල සමත්වූවත් දෙවැනි භාගයේදී යුද හමුදා පිලේ බලාපොරොත්තු නොවූ තරග රටාවකට මැදිවූ සී.ආර්.පිල පරාජය කිරීමට අවසන් මිනිත්තුවේදිත් යුද හමුදා පිල ප්‍රබල උත්සාහයක නිරතවීම කැපී පෙනුණි.

දෙවැනි භාගයේ දී යුද හමුදා පිල විශිෂ්ට තරග රටාවක නිරත වූ අතර අවසන් මිනිත්තුව වනවිට ලකුණු 25-17කින් පෙරමුණ ගෙන සිටි සී.ආර්.පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ගෝලයක් රැස් කිරීමට සමත්වීමත් සමග එක් ලකුණකින් පරාජයට පත්වෙමින් තරගය නිමාවිය.

Comments

comments

SHARE