සමස්ත ලංකා පාසල් අවුරුදු 13න් පහල හොකී ශූරතාව කොලඹ ආනන්දයට

115
0

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, ගාල්ල පාසල් හොකී කමිටුවේ සහයෝගය ඇතිව සංවිධාන කළ සමස්ත ලංකා අන්තර් පාසල් අවුරුදු 13න් පහළ හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් විය. ගාල්ල මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී ආනන්ද පිල හමුවේ මහින්ද විදුහල පරාජයට පත්විය.

තරගාවලිය දකුණු පළාත් ක්‍රීඩා ඇමැති වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සමස්ත ලංකා පාසල් අවුරුදු 13න් පහළ හොකී තරගාවලියක් ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැති පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් විය.

දේශීය හොකී ක්‍රීඩාවේ අනාගත තරු සොයා යන ගමනේ පළමු පාසල් ඇගයීම මෙය වන අතර කාණ්ඩ 8කින් ලීග් ක්‍රමය යටතේ මේ සියලු තරග සැණකෙළියක ස්වරූපයෙන් පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබිණි.

unnamed-1

Comments

comments

SHARE