ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 ක්

110
0

චීනයේ ෂියාන් නගරයේදී පැවති 8 වැනි  වූෂු (සන්දා) ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගත්හ.

කි.ග්‍රෑම් 48 පිරිමි බර පන්තියෙන් තරගවැදුන ලක්ෂ්මන් ගුණසේකර සහ කි.ග්‍රෑම් 90 බර පන්තියේ තරගවැදුන ලක්ෂිත තිමාල් තෙන්නකෝන් මෙම ලෝකඩ පදක්කම් දිනාගත්හ. තරගාවලිය මේ මස 01 දා සිට 07 දා දක්වා පැවැත්විණි.

වූෂු සන්දා ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය හැක්කේ ඊට පෙර වර්ෂයේ පැවති වූෂු ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයින්ට හා සුවිශේෂතා දැක්වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට පමණි. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවති 14 වැනි ලෝක ශූරතාවයේදී දැක්වූ දස්කම් මත ගුණසේකර සහ ලක්ෂිත තිමාල් දෙදෙනා මෙම තරගාවලියට ආරාධනා ලැබූහ.

කි.ග්‍රෑම් 48 බර පංතියේ ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට සහ ඊජීත්තුවේ අහමඞ් ඕමාර්ට හිමිවූ අතර වියට්නාමයේ මින්හ් ඩක් වූ රිදී පදක්කම දිනාගත්තේය. රන්පදක්කම චීනයේ ජී හුයි ෂූ විසින් දිනාගන්නා ලදී.

කි.ග්‍රෑම් 90 බරපන්තියේ ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට සහ කිර්ගිස්ථානයේ කුවාන් අබිඩිරහිමොව්ට හිමිවූ අතර ඊජීප්තුවේ මොටාස් අබ්දෙල්සලාන් රිදී පදක්කම දිනාගත්තේය. රන්පදක්කම චීනයේ ෂියාංග් යේ විසින් දිනාගන්නා ලදි.

ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස ජාතික සන්දා පුහුණුකරු කපිල සභාපති මහතා කටයුතු කළ අතර කළමණාකරු ලෙස ජගත් වීරසිංහ මහතා කටයුතු කළේය.

unnamed-2 unnamed

Comments

comments

SHARE