මාලිංග වාර්ෂික කොන්ත්‍රාත්තුව එපා කියයි

8420
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලසිත් මාලිංගට ලබාදී ඇති වාර්ෂික කොන්ත්‍රාත්තුව ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

මාස 11 ක පමණ කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම නිසා මේ මොහොතේ නව කොන්ත්‍රාත්තුව බාර ගැනීම යෝග්‍ය නොවන බව මාලිංග පෙන්වා දෙනවා.

එවන් තත්වයක් තුල තමා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව බාර ගැනීම හරහා තවත් ක්‍රීඩකයෙකුට අසාධාරණයක් වන බවයි මාලිංග පවසන්නේ.

ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමට පැමිණියහොත් ඊළග කොන්ත්‍රාත්තුවේදී තමාව සලකා බලන ලෙස මාලිංග  ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

කෙසේ නමුත් ආබාධයකට ලක්ව සිටින ලසිත් මාලිංග මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ගිවිසුමේ සුපිරි ඛාණ්ඩයට ඇතුලත් වුනේ නැහැ.

දයාසිරිට උත්තරයක්

ලංකා ක්‍රිකට් ආයතනය ඇතැම් අසාර්ථක ක්‍රීඩකයන්ට ගෙවන මුදල දැනගතහොත් ඔවුන්ගේ කඩුල්ල දැවී පැමිණෙන විට ගල්ගැ සීමට පවා ක්‍රීඩාලෝලීන් පෙළඹෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පසු ගියදා පැවසුවා.

“එක ක්‍රීඩකයෙක් ඉන්නවා ඔහුගේ ගිය අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 57යි. ගහපු ලකුණු ගාන බැලුවහම එක ලකුණකට ක්‍රිකට් ආයතනය රුපියල් 56,000ක් ගෙවලා තියෙනවා,” යැයි ඇමති දයාසිරි ජයසේකර කළ ;ප්‍රකාශය සම්බන්ධයෙන් මාලිංග  කියා සිටියේ මෙවැනි ප්‍රකාශ පිළිබඳව සෙසු ක්‍රීඩකයින් විරෝධය පල නොකරන්නේ මන්දැයි තමන්ට නොතේරෙන බවයි.

‘ක්‍රීඩකයෙක් එක ලකුණක් ගන්න කරන කැපවීම මේ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ යැයි ඔහු කියා සිටියා.

Comments

comments

SHARE