රංගන ගෙන් වාර්තාවක්

21562
0

ලොව ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකටම එරෙහිව ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් ලොව තුන්වන පන්දු යවන්නා බවට   පත්වන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අද සමත් වුනා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී.

අද දිනයේදී සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 272කට සිමා වුනා.

එහිදී රංගන සිම්බාබ්වේ පිතිකරුවන් 5දෙනෙකු දවා ගත්තා.

ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගයක ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් පළමු අවස්තාව මෙයයි.

රංගනට අමතරව මෙම දස්කම දක්වා ඇත්තේ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ දකුණු අප්‍රිකාවේ ඩෙල් ස්ටෙයින් පමණයි.

Comments

comments

SHARE