රූට් එංගලන්තය ඔසවා තබයි

393
0

ඉන්දියාව සමග පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්‌ඩායම ඊයේ දිනට තරගය නවතන විට කඩුලු 4 ක්‌ දැවී ලකුණු 311 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

එංගලන්ත කණ්‌ඩායම ඉහළින් ඔසවා තැබූ ජෝ රූට්‌ පන්දු 180 කදී හයේ පහරක්‌ හා හතරේ පහර 11 ක්‌ සමගින් ලකුණු 124 ක්‌ රැස්‌කර ගත්තේය.

එහිදී ඔහුට අනගි සහයක්‌ ලබාදුන් මොයීන් අලී (99) තරගය නවතන විට සිය ශතකයට එක්‌ ලකුණක්‌ මෙපිටින් සිටියේය.

ඉන්දීයාව වෙනුවෙන් රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 108ක්‌ තුළ කඩුලු 2 ක්‌ බිඳ හෙළුවේය.

එංගලන්ත ක්‍රිකට්‌ ඉතිහාසයේ ලාබාලතම ආරම්භක පිතිකරුවා වශයෙන් මේ තරගය සඳහා සහභාගී වූ 19 හැවිරිදි හසීබ් හමීඩ් ලකුණු 31 ක්‌ රැස්‌කර ගත්තේය.

ලකුණු සටහන

ඇලස්‌ටෙයාර් කුක්‌ 21, හසීබ් හමීඩ් 31, ජෝ රූට්‌ 124, මොයින් අලී (නොදැවී) 99, බෙන් ස්‌ටෝක්‌ස්‌ (නොදැවී) 19, රවිචන්ද්‍රන් අශ්වින් 2/108)

Comments

comments

SHARE