කැරම් කණ්ඩායම් ලෝක ශුරතාව ශ්‍රී ලංකාවට

153
0

එංගලන්තයේ පැවැත්වෙන ලෝක ශුරතා කැරම් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

පිරිමි කණ්ඩායම්  තරගය පැවැත්වුනේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි.

එහිදී ඉන්දීය කණ්ඩායම තරග වට 2 – 1ක් ලෙස පරාජය කල ශ්‍රී ලංකාව කැරම් කණ්ඩායම් ලෝක ශුරතාව දිනා ගත්තා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ චමිල් කුරේ, නිශාන්ත ප්‍රනාන්දු , මොහොමඩ් ෂහිඩ් සහ මොහොමඩ් ෂෙරිෆ්ඩීන් යන ක්‍රීඩකයින්ය .

මෙවර ලෝක ශුරතා කැරම් තරගාවලියට රටවල් 23ක් එක්ව සිටිනවා.

Comments

comments

SHARE