හේරත් තනි අතින් සිම්බාබ්වේ කරකවා අතහරී

1275
0

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 257 කින් ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියද 2–0 ක් ලෙස ජයගැනීමට අදසමත්විය.

මෙම තරගයේදී ලකුණු 63 කට කඩුලු 8 ක් බිඳහෙළමින් කඩුලු 350 සීමාව පසුකළ ලොව 23 වැනි පන්දුයවන්නා මෙන්ම හයවැනි දඟපන්දු යවන්නා බවට රංගන හේරත් පත්විය. වමත් දඟ පන්දු යවන්නෙකු වශයෙන් මෙම දස්කම කළ දෙවැනි පන්දු යවන්නා වන රංගනට ඉදිරියෙන් සිටින්නේ නවසීලන්ත පිලේ හිටපු දඟ පන්දු යවන්නා වන ඩැනියෙල් විටෝරි (362) ය.

අද තරගයේදී කළ පන්දු යැවීම රංගන හේරත්ගේ ටෙස්ට් දිවියේ දෙවැනි හොදම පන්දු යැවීම ලෙසද සටහන් වේ. මීට පෙර 2014 වසරේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 127 කට කඩුලු 9 ක් දවාගැනීම ඉනිමකදී රංගන දැක්වූ ඉහළම දස්කමයි. මුත්තයියා මුරලිදරන් (800) සහ චමින්ද වාස්ට (355) පසුව ටෙස්ට් කඩුලු 350 සීමාව පසුකළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවටද රංගන හේරත් පත්වූයේය.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී නායකයකු වශයෙන් ලබාගත් ඉහළම කඩුලු සංඛ්‍යාවද  වාර්තා කිරීමට රංගන හේරත් සමත්වූ අතර ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 19 කි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ කඩුලු 14 බැගින් දවාගත් බටහිර ඉන්දීය කොදෙව්හී කර්ට්නි වෝල්ෂ් සහ දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක් විසිනි.
ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලබාගත් 3–0 ක තරගාවලි ජයට පසු ලැබූ මෙම තරගාවලි ජයත් සමගින් ශ්‍රී ලංකාව පිට පිට ටෙස්ට් තරග 5 ක් ජයගැනීමට සමත්වී ඇත.  ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට එවන් දස්කමක් කළේ වසර 2001 දී සනත් ජයසූරියගේ නායකත්වයෙන් පිට පිට තරග 9 ක් ජයගනිමිනි.
ඊයේ තරගය නතර කරනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් රැස්කර ගනිමින් අසීරු තත්වයක සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ ඉතිරි කඩුලු තුන අද උදෑසන තරගය ආරම්භ වී ඕවර 13 ක් ඇතුළතදී දවාගැනීමට රංගන හේරත් සමත්විය.
කණ්ඩායම වැටී ඇති අසීරු තත්වයෙන් ගලවා ගැනීම සදහා හුදෙකළා සටනක නිරතවූ ක්‍රේග් අර්වින් ලබාදුන් අසීරු උඩපන්දුවක් ස්ලිප්හී සිටි ධනංජය සිල්වා රැකගැනීමත් සමගින් සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිඳවැටුණි. ක්‍රේග් අර්වින් දැවීයනවිට ලකුණු 72 ක් රැස්කරගෙන සිටි අතර ඊට හතරේ පහර පහක් සහ හයේ පහරක් ඇතුළත් විය.
තරගයේ වීරයා සම්මානය රංගන හේරත් විසින් දිනාගත් නමුත් තරගාවලියේදී ලකුණු 280 ක් ලබාගත් දිමුත් කරුණාරත්න විසින් තරගාවලියේ වීරයාට හිමි සම්මානය දිනාගන්නා ලදී.
“මම හැම වේලාවේ උත්සහ කරන්නේ මගේ දස්කම් වැඩිදියුණු කරගන්නයි”  “මම තාම තීරණය කරලා නෑ මගේ විශ්‍රාම යෑම සම්බන්ධව. වාර්තා ගැන මම හිතන්නේ නෑ. මට ඕනී මගේ ශරීර සෞඛ්‍ය හැම වේලාවේම යහපත්ව තියාගන්න. එන එන තරගාවලිය අනුව ඊට සූදානම් වෙනවා” යයි තරගයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් පසුව අදහස් දැක්වූ රංගන හේරත් පවසා සිටියේය.
දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් පසු මෙසේ අදහස් දැක්වීය.
“මම ඕස්ටේ්‍රලියා තරගාවලියේදී තරමක් දුරට අපහසුතාවට පත්වුනා. නමුත් පසුව මම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් තරගවලට සහභාගී වෙමින් විශ්වාසනීයත්වය ඇතිකර ගත්තා. ඒක මට මෙම තරගාවලියේදී බෙහෙවින් ඉවහල්වුනා” යයි කී තරගාවලියේ වීරයා…

Comments

comments

SHARE