එංගලන්තය දැවැන්ත ඉනිමක් ගොඩ නගයි

719
0
England's batsman Ben Stokes raises his bat after scoring hundred during the second day of the first test cricket match between India and England in Rajkot, India, Thursday, Nov. 10, 2016. (AP Photo/Rafiq Maqbool)

එංගලන්ත කණ්‌ඩායම පළමු ඉනිමේ රැස්‌කරන ලද ලකුණු 537 ක දැවැන්ත ඉලක්‌කය හඹායන ඉන්දීය කණ්‌ඩායම පළමු ටෙස්‌ට්‌ තරගයේ දෙවැනි දිනට තරගය නවතන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 63 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

ඒ අනුව ඉන්දීය කණ්‌ඩායම වෙනුවෙන් නොදැවී පිටියේ රැදී සිටින ගෞතම් ගාම්භීර් ලකුණු ලකුණු 28 ක්‌ හා මුරලි විඡේ ලකුණු 25 ක්‌ වශයෙන් රැස්‌කරගෙන සිටියහ.

දෙවැනි දිනයේදී එංගලන්ත කණ්‌ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ දැමීමට විශිෂ්ට පිති ප්‍රහාරයක්‌ දියත් කළ මොයින් අලී ලකුණු 117 ක්‌ හා බෙන් ස්‌ටෝක්‌ස්‌ ලකුණු 128 ක්‌ වශයෙන් රැස්‌කර ගැණින.

ලකුණු සටහන

එංගලන්ත පළමු ඉනිම පන්දුවාර 159.2 ක්‌ අවසානයේ සියල්ල දැවී ලකුණු 537 යි. (ජෝ රූට්‌ 124, මොයින් අලී 117, බෙන් ස්‌ටෝක්‌ස්‌ 128, ජොනී බෙයාර්ස්‌ටෝ 46, හසීබ් හමීඩ් 31, රවීන්ද්‍ර ජඩේජා 3/86)

ඉන්දීය කණ්‌ඩායම පන්දුවාර 23 ක්‌ අවසානයේ ලකුණු 63 යි. (මුරලි විඡේ (නොදැවී) 25, ගෞතම් ගාම්භීර් (නොදැවී) 28)

Comments

comments

SHARE