අමෙරිකානු පාපන්දු ශූරයින් කවුද…? තීරණය අදයි

77
0

කලම්බු ලයන්ස් සහ ජැෆ්නා බුල්ස් කණ්ඩායම් අතර එස්.ඒ.ජී.ටි. කුසලාන තුන්කොන් අමෙරිකානු පාපන්දු ලිග් ශූරතාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 4.15ට එස්.ඒ.ජි.ටී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අර්වින් හාසී මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි.

ඊ.එෆ්.එල්. අයි. ශ්‍රී ලංකා අමෙරිකානු පාපන්දු සංගමය මගින් මෙහෙයවනු ලබන මේ තරගාවලියේ පෙරේදා පාකිස්තාන පේෂාවාර් වුල්ෆ්පක් කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 19-0කින් ජය ගැනීමට ජැෆ්නා බුල්ස් කණ්ඩායම සමත්වූ අතර පසුගියදා පැවැති පළමු තරගයෙන් කලම්බු ලයන්ස් පිල පාකිස්තාන පේෂාවාර් පිල පරාජය කිරිමට සමත්විය.

ජැෆ්නා බුල්ස් කණ්ඩායම ජයගත් තරගයේ දී ඒ.මුබාරක්, ඩී.නිමල්, එස්. මදුරසිංහ සහ එම්.අයි.එම්. අෂ්රෆ් මහත්වරු විනිසුරුවරුන් ලෙස කටයුතු කළ අතර එස්.ඒ.ජි.ටි. ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී චන්න ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් තරගය පැවැත්විණි.

Comments

comments

SHARE