සත් සාමාජික පාපන්දු තරගාවලිය හෙට වැල්ලවත්තේදී

57
0

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපන්දු සංගමය 15 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 40 ට වැඩි අන්තර් සමාජ ප්‍රවීණයන්ගේ සත් සාමාජික පාපන්දු තරගාවලිය හෙට වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

කාණ්ඩ 8ක් යටතේ කණ්ඩායම් 35 ක් තරග වදින මේ තරගාවලිය පිළිමලුන් පිටු දැකිමේ තරගාවලියක් ලෙස සංවිධාන කර ඇත. අවුරුදු 40ට වැඩි දේශීය තරග බිමේ මෙන්ම ජාත්‍යන්තර තරග බිමේද සුවිශේෂ දක්ෂතාවයන් ප්‍රදර්ශනයකර දැනට ක්‍රීඩා සංගම්වල නිලතල හොබවන ක්‍රියාකාරී සාමාජිකයන් මෙන්ම වෘත්තිය මට්ටමින් ක්‍රීඩාකර පාපන්දු ක්‍රීඩා උපදේශකයන් ලෙස ක්‍රි‍්‍රයාකරන අය වෙනුවෙන් මේ තරගාවලිය සංවිධාන කර ඇති බවත් එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු ප්‍රවීණයන්ගේ සංගමයේ ලියාපදිංචි වී සමාජික කාඩ්පත හිමි සියලුම ප්‍රවීණයන්ට මේ තරගාවලිය නියෝජනය කළ හැකි බවත් පසුගියදා කොළඹ කැම්බල් පාක් පාපන්දු ක්‍රීඩාපිටියේ ක්‍රීඩාගාරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රවීණයන්ගේ පාපන්දු ක්‍රීඩා තරගාවලිය සංවිධාන කරන වර්තමානයේ එම සංගමයේ වැඩ බලන සභාපති ඩෙස්මන් ජෝශප් මහතා පැවැසීය.

කොළඹ, මීගමුව, පුත්තලම, වඩමාරච්චි, ත්‍රිරුකුණාමලය, රත්නපුර, කෑගල්ල, අම්පාර, කුරුණෑගල, බදුල්ල, වව්නියාව හා පානදුර යන පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් තරගාවලියට සහභාගි වීමට නියමිත අතර එක් එක් කාණ්ඩයෙන් ජයගන්නා කාණ්ඩායම් අතර අර්ධ අවසන් තරගාවලිය නියෝජනය කිරීමේ කුසපත් ඇදීමට නියමිතය.

ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් රුපියල් 75, 000ක හා පදක්කම් පිරිනැමෙන අතර අනුශූරයන්ට කුසලානය සමඟ මුදලින් රුපියල් 50, 000ක්ද ප්‍රදානය කෙරේ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හා දක්ෂතම දැල් රකින්නාට කුසලාන සමගින් රුපියල් 7500 බැගින් ප්‍රදානය කිරීමට නියමිතය.

තරගාවලිය සංවිධායක කමිටු සභාපති ලෙස පී.ජී.පී පෙරේරා කටයුතු කරන අතර ලේකම් ලෙස එම්.එස්. කෙලෙමන්ට් ද සිල්වා කටයුතු කරයි. සෙසු සාමාජිකයන් ලෙස එඩ්වඩ් සිල්වා, අමීර් මුක්තා, අනුර ගුණසේකර, මානා සගාදේවන්, පුංචී බණ්ඩා, රෝහාන් වික්‍රමසිංහ, යොගා කූරූස් හා තිස්ස කොඩිතුවක්කු යන මහත්වරු කටයුතු කරයි.

සාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය 1966 හා 1967 ශ්‍රී ලංකා ජාතික යොවුන් පාපන්දු කණ්ඩායමේ සමාජික ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපන්දු සංගමයේ නිත්‍ය සභාපති තිලක් පෙරේරාගේ අදහසකට අනුව

ඉදිරියේ දී සාක් රටවල්වල සහාභාගිත්වයෙන් වයස අවුරුදු 40-45ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ශාරිරීක වශයෙන් නිරෝගී මෙන්ම පී‍්‍රමියර් ලීග් හා ප්‍රධාන පෙලේ ක්‍රීඩා සමාජ තරගාවලි හා ජාතික, ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහභාගීත්වයෙන් ‘සාක්’ ප්‍රවීණයන්ගේ පාපන්දු තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී සංවිධාන කිරීමට බලාපොරොත්තුවක් සංගමයට ඇති බවත් ඉදිරියේ දී ඒ වෙනුවෙන් කැප වෙන බවත් වැඩ බලන සභාපති ඩෙස්මන් ජෝශප් මහතා පැවැසීය.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ සත් සාමාජික තරගාවලිය ජයගත් කෑගල්ල පාපන්දු ක්‍රීඩා සමාජය හා අනුශූරයන් වූ ඕල් බේන්ස් පාපන්දු ක්‍රීඩා සමාජයද මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.

තරගාවලිය උදෑසන 8.30ට ආරම්භ වීමට නියමිත අතර සෑම තරගයක්ම මිනිත්තු 15කට සිමා කොට ඇත.

තරගාවලියට එක්වන කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය – බදුල්ල වෙට්රන්ස්, මාදින්නාගොඩ යුනයිටඩ්, කොල්ලුපිටිය වෙට්රන්ස්, අලුත් කඩේ යුනයිටඩ්, කූල් නොත් වෙට්රන්ස්

‘බී’ කාණ්ඩය – කෑගල්ල ප්‍රවීණයන්ගේ පාපන්දු සමාජය, දෙහිවල-ගල්කිස්ස, ජාවාලේන් වෙට්රන්ස්, මෝනින් ස්ටාස්, ආදී හමීඩීයා වෙට්රන්ස්

‘සී’ කාණ්ඩය – කුරුණෑගල වෙට්රන්ස්, කොස්මෝස් වෙට්රන්ස්, පුත්තලම වෙට්රන්ස්, මීගමුව වෙට්රන්ස්

‘ඩී’ කාණ්ඩය – බදුල්ල ආදී උවීටස්, මහර වෙට්රන්ස්, ඕල්ඩ් පීටසන්, ත්‍රිකුණාමලය ප්‍රවීණ පාපන්දු සංගමය

‘ඊ’ කාණ්ඩය – ත්‍රිකුණාමලය ඔලිම්පික්ස්, සුපර්ස්ටා වෙට්රන්ස්, සරසව් වෙට්රන්ස්, පානදුර වෙට්රන්ස්

‘එෆ්’ කාණ්ඩය – සීනයර් ස්ටාර් වෙට්රන්ස්, ඕල්ඩ් කුරේස්, මීගමුව වෙස් මාස්ටර්, මාලිගවත්ත වෙට්රන්ස්

‘ජී’ කාණ්ඩය – මුතුවෙළ වෙට්රන්ස්, ඕල් බේන්ස් පාපන්දු සමාජය, බත්තරමුල්ල පාපන්දු සමාජය, වතිරි ඩයමන්ඩ්ස්

‘එච්’ කාණ්ඩය – ඊස්ටන් යූත්, රත්නපුර වෙට්රන්ස්, වත්තල වෙට්රන්ස්, සන්රයිස් පාපන්දු ක්‍රීඩා සමාජය, ප්‍රින්සස් වෙට්රන්ස්

Comments

comments

SHARE