මම වාර්තා ගැන හිතන්නෙ නෑ – රංගන

333
0
Sri Lankan bowler Rangana Herath unsuccessfully appeals for a Leg Before Wicket (LBW) decision against Pakistan batsman Sarfraz Ahmed during the fourth day of the second cricket Test match between Pakistan andSri Lanka at the Dubai International Cricket Stadium in Dubai on January 11, 2014. AFP PHOTO/Ishara S. KODIKARA

ක්‍රිකට් තරග වාර්තා පිළිබඳව නොසිතන තමා හැම විටෙකම උත්සාහ කරන්නේ දියුණු වීමට බව සිම්බාබ්වේට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා වූ ශ්‍රී ලංකා නායක රංගන හේරත් පවසයි.

දඟ පන්දු යැවීමේ විශාර‍දයෙකු වන හේරත් මේ තරගමාලාවේදී ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට නායකත්වය දෙමින් වාර්තාගත පන්දු යැවීමක නිරත විය. මේ තරගමාලාවේදී ටෙස්ට් කඩුලු 350 සම්පූර්ණ කළ හේරත්, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවක වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් නායකයා බවටද පත්විය. මීට අමතරව, 2016 වසරේදී කඩුලු 50ක් ලබා ගත් පළමු පන්දු යවන්නා ලෙසින්ද ‍හේරත් වාර්තා පොතට එක්විය.

“මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ දියුණු වෙන්නයි. ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමක් ගැන මම කිසිම තීරණයක් අරගෙන නැහැ” යැයි හේරත් පෙරේදා ජයග්‍රහණයෙන් පසුව කියා සිටියේය.

“මම වාර්තා ගැන හිතන්නේ නැහැ. එන එන තරගමාලාවට මම ඒ ඒ විදියට මුහුණ දෙනවා. මගේ ක්‍රීඩා යෝග්‍යතාව පිළිබඳව සැලකිලිමත් වෙන්නත් මට අවශ්‍යයි” හේරත් කියයි.

Comments

comments

SHARE