ආර්ජන්ටිනාව බ්‍රසීලය හමුවේ පැරදුන හැටි

274
0

ලොව පාපන්දු පිටියේ පතාක යෝධයින් එකිනෙකා හමුවන්නේ කළාතුරකිනි. කළාතුරකින් පැවැත්වුවද  ප්‍රේක්ෂකයින්  එම තරග වලට දැඩි අවධානයක යොමු කරනුයේ අතිශය තියුණු තරගයක් නැරඹීමේ අවස්ථාව බොහෝ විට උදා වන හෙයිනි.

ලතින් ඇමරිකානු පාපන්දු පිටියේ ආධිපත්‍යයය හිමි   බ්‍රසීලය හා ආර්ජන්ටිනාව අතර ඊයේ (10) පැවැත්වූ  ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ    තරගයටද ප්‍රෙක්ෂකයින්ගේ දැඩි අවධානයක යොමු විය.

කෙසේ නමුත්  ආර්ජන්ටිනා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්ත සුන් කරමින් එම තරගයෙන්  ගෝල 3-0 ක පහසු ජයක් ලැබීමට බ්‍රසීලය සමත් විය.

තරගයේ 24 වැනි මිනිත්තුවේදී පිලිප් කුටිනෝ විසින්  බ්‍රසීලයට පළමු ගෝලය වාර්තා කළ අතර  එය තවදුරටත් ඉදිරියට ගෙන ගිය නේමාර් දෙවැනි අර්ධය ආරම්භයේදීම තවත් ගෝලයක් වාර්තා කලේය.

ලයනල් මෙසී ඇතුළු ආර්ජන්ටිනා  පාපන්දු කණ්ඩායම දැඩි අගාධයකට ඇද දැමූ   පවුලිනියෝ තරගයේ තෙවැනි ගෝලය ආර්ජන්ටිනාව වෙත ලගා කර දීමට සමත්  විය.

unnamed-4

මෙම පරාජයත් සමගින් තරගාවලියේ ප්‍රසාද ලකුණු  ලැයිස්තුවේ  (දකුණු ඇමරිකානු කලාපයේ) සිය පෙරමුණ තවදුරටත් තබා ගැනීමට  බ්‍රසීලය සමත් වූයේ තමන් සහභාගි වූ තරග 11 න්  7 ක්  ජය ගනිමිනි.

කෙසේ  වෙතත්  2018 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ආර්ජනටිනා බලාපොරොත්තු  තවදුරටත්  සුන් වන ලකුනු පහළ වනුයේ එම සුදුසුකම් ලබා ගැනීමේ මට්ටමට වඩා පහළින් (6 වැනි ස්ථානය) ඔවුන් රැඳී සිටීම හේතුවෙනි.

මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරග එළඹෙන වර්ෂයේ (2017) ඔක්තෝම්බර් මස  දක්වා පැවැත්වේ.

unnamed-3

Comments

comments

SHARE