ඇමෙරිකානු පාපන්දු තුන් කොන් තරගාවලියේ ශුරතාව කොළඹට

71
0
තුන් කොන් ඇමෙරිකානු පාපන්දු ලීග් තරගාවලියේ ශුරතාව දිනා ගන්නට කලම්බු ලයන්ස් කණ්ඩායම සමත් වුනා.
ඒ අවසන් තරගයේදී ජැෆ්නා බුල්ස් කණ්ඩායම පරාජය කරමින්.
අවසන් තරගය පැවැත්වුනේ රීඩ් මාවත තුරඟ තරඟ රග්බි ක්‍රීඩාංගනයේදී .
තරගය ආරම්භයේ පටන්ම කලම්බු ක්‍රීඩකයින් පෙරමුණේ පසුවුණා.
එහි ප්‍රතිපලය වුනේ පළමු අර්ධය නිමාවන විට කලම්බු ක්‍රීඩකයින් ලකුණු 32 – 00ක් ලෙස පෙරමුණේ පසු වීමයි.
දෙවන අර්ධයේදීද ජැෆ්නා කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට හැකිවුණේ නැහැ.
එම අර්ධයේදී කලම්බු ලයන් කණ්ඩායම තවත් ලකුණු 22ක් රස්කලා.
ඒ අනුව ඔවුන් මෙම තරගය ජය ගත්තේ ලකුණු 54 – 00ක් ලෙසින්.
තුන් කොන් ඇමෙරිකානු පාපන්දු ලීග් තරගාවලිය සඳහා කලම්බු ලයන්ස්,ජැෆ්නා බුල්ස් සහ පාකිස්තානු කණ්ඩායමක් එක්ව සිටියා.

Comments

comments

SHARE