මහේල – සංගා පරදියි

1131
0

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ක්‍රීඩා කරන ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට එරෙහිව මීර්පූර්හි ශ්‍රේරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට රාජෂාහි කිංග්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය රාජෂාහි කිංග්ස් ක්‍රීඩකයෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

වේගවත් පිතිහරඹයක නිරත වූ සමිත් පතේල් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් රාජෂාහි කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

සබීර් රෙහෙමාන් (31) සමග එක්ව පන්දු 50 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩැගීනමටද පතේල් සමත් වූ අතර මොහොමඞ් ශහීඞ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රිඩක කුමාර් සංගක්කාරට උඩපන්දුවක් දෙමින් දැවීයන විට රෙහෙමාන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත වී තිබිණ.

සකීබ් අල් හසන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 14 ක් ලබාසිටි රොනී තලුක්දාර් ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමටද කුමර් සංගක්කාර සමත් විය.

පලමුවෙන් පන්දුවට පහරදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලකුණු 138 කට සීමා කිරීමට මෙහෙදි හසන් සහ සමිත් පතේල් ප්‍රමුඛ රාජෂාහි කිංග්ස් පන්දුයවන්නෝ සමත් වූහ.

ඩයිනමයිට්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මොසද්දික් හුසේන් නොදැවී ලකුණු 59 ක් රැස්කළේ පන්දු 46 කිනි. ඔහුගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

රවී බොපාරා (20) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මොසද්දික් හුසේන්, ඞ්වේන් බ්‍රාවෝ (13) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21 කදී ලකුණු 41 ක නොබිඳුන සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඩයිනමයිට්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

ඩයිනමයිට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ කුමාර් සංගක්කාර ලකුණු 2 ක් ලබා සිටියදී මෙහෙදි හසන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවීගියේය
ඔහුගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි මහේල ජයවර්ධනටද රැස්කරගත හැකිවූයේ ලකුණු 11 ක් පමණි. සමිත් පතේල්ගේ පන්දුවක් හමුවේ ෆර්හද් රිසා අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට මහේලගේ පිත්තෙන් හතරේ පහර 2 ක් වාර්තා වී තිබිණ.

ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 138
(මෙහෙදි මරුෆ් 25, මහේල ජයවර්ධන 11, රවී බොපාරා 20, මොසද්දික් හුසේන් 59, ඞ්වේන් බ්‍රාවෝ 13, සමිත් පතේල් 20/2, මෙහෙදි හසන් 22/2)

රාජෂාහි කිංග්ස් කණ්ඩායම – ඕවර 18.1 කදී කඩුලු 4 ක් දැවී 139
(රොනී තලුක්දාර් 14, සබීර් රෙහෙමාන් 31, උමාර් අක්මාල් 27, සමිත් පතේල් නොදැවී 44)

Comments

comments

SHARE